Gossip

දින්නත් නැතත් හෙට ඉඳලා අලුත් ආණ්ඩුවක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහාතට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළද, පරාජය වුවද හෙට (05දා) සිට අලුත් ආණ්ඩුවක් බිහිවීමේ වාතාවරණයක් උදාවී තිබේ.

විශ්වාසභංග යෝජනාව පරාජය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආණ්ඩු‍වෙන් ඉවත්වන බව දැනුම්දී ඇති අතර,එවිට ජාතික ආණ්ඩුව අහෝසි වේ.

එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂය නව ආණ්ඩුවක් පිහිටුවන බවත්, මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ඇතැම් පක්ෂවලද ආශිර්වාදය ලැබී ඇති බවද එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් ​සඳහන් කළා.

එමෙන්ම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වුවහොත් පැයක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ අගමැතිවරයෙකු පත්කිරීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී තිබෙනවා.

ඒ අනුව නව අගමැතිවරයා ඇතුළු නව කැබිනට් මණ්ඩලයක්ද පිහිටුවීමට සිදුවනු ඇති.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!