Gossip

“විවාහ වෙන්න රුපියල් 3000යි ගියේ. දෙවැනි වතාවටත් තාත්තා කෙනෙක් වෙන්න යන කතාව ඇත්ත” දෙවැනි දරුවා ලැබෙන්න ඉද්දි විවාහ වුණු දසුන් – හංසි හඬ අවදි කරයි

දසුන් පතිරණ කියන්නේ ඕනෑම චරිතයකට පණ දිය හැකි අති දක්ෂ නළුවෙක්.
මේ කියන නළුවාට රංගනයේදී නම් සීමා මායිම් නැහැ. ඒ වගේම තමයි පෞද්ගලික ජීවිතයේදීත් දසුන් සීමා මායිම් තුළ කොටුවන්න කැමති කෙනෙක් ‍නෙවෙයි.
ඔහු තමන්ගේ පෙම්වතිය හංසි දිසානායක සමග ජීවිතේ අලුතින් පටන් ගත්තේ අපේ රටේ පවතින සම්මත විවාහ චාරිත්‍රානුකූලවලට පටහැනිවයි.
මේ දෙන්නා දැන් මාස 8ක පුංචි දියණියකගේ මව්පියන්. පසුගියදාක හංසිගේ උපන්දිනය දවසේ දසුන් හා හංසි නීත්‍යනුකූලව විවාහ වූ පුවත දසුන්ගේ Facebook ගිණුමේ සටහන් කරලා තිබුණා.
‘විවාහය’ කියන්නේ කොළ කෑල්ලක අත්සන් කිරීම නොවෙයි කියලා කියපු මේ දෙදෙනා හදිසියේ ඒ වගේ තීරණයක් ගත්තේ මොකද කියලා අපි මේ අයගෙන් විමසන්න කල්පනා කළා.

නීත්‍යනුකූලව විවාහ නොවී මවක් වන ගැහැණියක් තමන්ගේ පෙම්වතාට විවාහ වන්නට බලපෑම් කරන එක සාමාන්‍ය දෙයක්. මෙතනදී සිදුවුණෙත් ඒ වගේ දෙයක්ද?
ඒ විදෙස් රටක පුරවැසි භාවය ලබා තිබුණත් හංසිත් දැන් ශ්‍රී ලාංකීය බිරිඳක් හා මවක් හින්දා) නැහැ..
නැහැ මම එහෙම සාම්ප්‍රදායික විදියට හිතන කෙනෙක් ‍නෙවෙයි. විවාහය ලියාපදිංචි කරන්න හිතුවේ ලංකාවේ පවතින නීතිමය තත්ත්වය මත අපිට නීත්‍යනුකූල විවාහයක් අවශ්‍ය වූ හින්දා.

ඊට හේතුව…?
මට ස්විඩන්වල පුරවැසි භාවය තියෙනවා. දුව රට ගෙනියද්දී අවශ්‍ය නීතිමය පසුබිම තුළ අපේ විවාහ සහතිකය අවශ්‍ය වෙනවා. ඒ හින්දයි අපි විවාහ වුණේ.

කොහොම හරි ඉතින් දසුන් හංසි දැන් විවාහ වෙලානේ. විවාහය සිදුකළේ කොහොමද?
අපි දෙන්නයි, සාක්ෂිකාරයෝ දෙන්නයි විතරයි එම අවස්ථාවට සහභාගි වුණේ.

ඒ කියන්නෙ උත්සවයක් ගත්තේ නැහැ….?
කිසිම උත්සවයක් ගත්තේ නැහැ. දසුන් ඒ වගේ දේවල්වලට කැමතිත් නැහැ.

මංගල්‍ය දා ලස්සන මනාලියක විදිහට සැරසෙන එක ගොඩක් කාන්තාවන්ගේ හීනයක්. ඔබට ඒවගේ හීනයක් තිබුණේ නැද්ද?
මම නම් විවාහය ලියාපදිංචි කරන දවසේ ඇන්දෙත් සාමාන්‍ය ගවුමක්. දසුනුත් වෙනදා අඳින විදියට ඩෙනිමකුයි, ටී ෂර්ට් එකකුයි ඇන්දා. නීතිමය පසුබිම අනුව සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඕනනේ. ඒ හින්දා දසුන්ගේ යාළුවෝ දෙන්නෙක් (තිසර හා ඉල්ගාමි) ඒකට සහභාගි වුණා.
එදා දවසත් සාමාන්‍ය දවසක් විදියට ගත වුණා.

ඔය අතරේ දසුන් හංසි කැදැල්ලට තවත් අමුත්තෙක් එන්න සූදානම්. එහෙම නේද?
ඔව්, තව මාස තුනකින් අපේ දෙවැනි දරුවා ලැබෙනවා.

වැඩිමල් දියණියට මාස 8 ක් වෙද්දී දෙවැනි දරුවකු ගැන හිතුවේ ඇයි….?
දරුවා ලැබුණම මම ටිකක් මහත් වුණා. කෙට්ටු වෙලා ආයෙම කාලෙකින් දරුවෙකු ලබනවට වඩා දරුවන් ලබලාම ඊට පස්සේ කෙට්ටු වෙන එක හොඳයි කියලා හිතුවා

එහෙනම් දසුන් හංසි දෙදෙනා දරු සම්පතට ජීවිතයේ ලොකු ඉඩක් වෙන් කරන්නයි කල්පනාව….
(හිනැහී) මට නම් දරු දෙන්නෙක් ඇති.

විවාහ වෙන්න රුපියල් 3000යි ගියේ – දසුන් පතිරණ
ලංකාවේ නීතිය අනුව දරුවාගේ ඉදිරි කටයුතුවලට අපි දෙන්නාගේ විවාහ සහතිකය නැතිවීම ප්‍රශ්නයක් වෙයි කියලා හිතලයි මේ තීරණය ගත්තේ.
එදා දවසේ මගෙයි හංසිගෙයි විවාහය ලියාපදිංචි කරන්න ගත වුණේ විනාඩි 15 යි.
විවාහය වෙනුවෙන් වියදම් වුණේ රුපියල් 3000ක් විතරයි. මම දෙවැනි වතාවටත් තාත්තා කෙනෙක් වෙන්න යන කතාවත් ඇත්ත. දරුවෝ දහයක් විතර හිටියනම් හොඳයි. ඒත් මේ ආර්ථික රටාවත් එක්ක ඔය දරුවෝ දෙන්නා ඇති….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!