Gossip

“අයියේ මට දැන් ඔයා නැතිව ඉන්න බැහැ…දැන් මම ඔයාගේ තමයි. මම ඔයා වෙනුවෙන් ඕනම දෙයකට ඉන්නවා” – DJ රවිඳුගේ ප්‍රේම මායමට බිරිඳගේ 12 හැවිරිදි නැගණිය හසුවූ හැටි හෙළිවෙයි

රූපලාවණ්‍ය ශිල්පිනියක් සමග විවාහ වී මාස පහක පමණ කාලයකට පසුව එම රූපලාවණ්‍ය ශිල්පිනියගේ අවුරුදු 12යි මාස 04ක පමණ වයසැති නැගණිය සමග හොර රහසේ පලාගොස් එම දැරිය අනියම් බිරිය වශයෙන් තබාගෙන සිටි බව කියන සුප්‍රසිද්ධ ඩී.ජේ. සංගීත ශිල්පියෙක් මාදම්පේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල දී පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.
මේ සිද්ධියේ තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා. ඒ ගැනයි මේ.. රවිඳු බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
කුඩා කල සිටම ඔහු සංගීතයට ලැදි අයෙක් විය. ඔහුට උවමනා වුණේ සංගීත අංශයෙන් ඉදිරියට යෑමටයි. පාසල් අධ්‍යාපනය අවසන් කළ ඔහු ඩී.ජේ සංගීත ශිල්පියෙකු ලෙස කටයුතු කළේය.
වැඩිකල් නොගොස්ම රවිඳු සුප්‍රසිද්ධ ඞී.ජේ. ශිල්පියකු විය. කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක ඔහු ඞී.ජේ. ශිල්පියකු ලෙස සේවය කළේය. බටහිර පන්නයට හඳින පළඳින රවිඳුට තරුණියන්ගේ ආකර්ෂණයද නොඅඩුව ලැබුණි. තරුණියන් කිහිප දෙනෙකු සමග ඔහු ප්‍රේම සම්බන්ධතාද පවත්වාගෙන ගියේය.
ෂානි මාදම්පේ ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ඇය දුටුවන් වශීකරන රූපයකට හිමිකම් කීවාය. සුන්දරත්වය නිසාම ඇයට තරුණයන්ගේ බැල්මද නොඅඩුව ලැබුණි. එහෙත් ෂානිගේ හිත දිනා ගැනීමට ඒ කිසිදු තරුණයකුට නොහැකි විය.
ෂානි පවුලේ වැඩිමලා වූ අතර ඇයට නැඟණියක ද සිටියාය. නැඟණිය ඇයට වඩා අවුරුදු හයක් පමණ වයසින් බාල වූවාය. පවුලේ සැවොම පැවැසුවේ අක්කාට වඩා නංගී ලස්සනයි කියාය. එහි ඇත්තක්ද තිබුණි.
පාසල් අධ්‍යාපනය හමාර කළ ෂානි රූපලාවන්‍ය පාඨමාලාවක් හැදෑරුවාය. ඉන්පසු ඇය රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස රැකියාව කළාය. දිනක් එක්තරා උත්සවයකදී ෂානිට රවිඳුව හඳුනා ගැනීමට ලැබුණි. එම උත්සවයේ ඞී.ජේ. සංගීත ශිල්පියා ලෙස කටයුතු කළේ රවිඳුය. බටහිර සංගීතයට ඇල්මක් දැක්වූ නිසා ෂානි රවිඳුටද කැමැත්තක් දැක්වූවාය.
රවිඳුද ෂානිගේ අමුතුම ලස්සනක් දුටුවේය. තරුණියන් කිහිප දෙනෙක් ඇසුරු කර තිබුණද එතරම් ලස්සන තරුණියක් ඔහු මීට පෙර ඇසුරු කර තිබුණේ නැත. එමනිසා රවිඳුගේ හිත ෂානි කෙරෙහි ඇදී ගියේ නිතැතිින්මය.
එදින රවිඳු සහ ෂානි යහළුවන් ලෙස දැන හැඳින ගත්හ. සති කිහිපයක් ගත විය. යහළුකම නොදැනුවත්වම ආදරයක් බවට පෙරළුණි. ඉන්පසු ෂානිගේ ජීවිතයේ සිටියේ රවිඳු පමණි. මාස කිහිපයක් ඔවුන් එලෙස ඇසුරු කළේය.
රවිඳුට හැකි ඉක්මනින් ෂානිව තමාගේම කර ගැනීමට උවමනා විය. ඒ අනුව දෙදෙනාගේම මවුපියන්ට ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය ගැන පැවැසූහ. ඔවුන්ගේ් ද අකැමැත්තක් නොතිබුණි. ඒ අනුව නැකත් බලා සුබ දවසක දෙදෙනා විවාහ වූහ. විවාහවී ටික කලකට පසු රවිඳු මාදම්පේ පිහිටි ෂානිලාගේ මහගෙදර පදිංචියට පැමිණියේය. එම නිවසේ සිටියේ ෂානිගේ දෙමාපියන් සහ නැඟණිය පමණි.
ෂානිගේ නැඟණිය ෂෙරින්ය. ඇය එම ප්‍රදේශයේම පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවාය. අධ්‍යාපන කටයුතුවලට ඇය වැඩි කැමැත්තක් නොදැක්වූවාය. වයසින් බාල වුවත් ඇයගේ පෙනුම අවුරුදු දහඅටක තරුණියකගේ පෙනුමට සමාන වූවාය.
විවාහ වුවත් රවිඳුට තරුණියන් කෙරෙහි තිබූ ආශාව අඩු නොවුණි. ඔහුට තම බිරිඳගේ නැඟණිය කෙරෙහිද ආශාවක් ඇතිවිය. ඔහු ක්‍රම ක්‍රමයෙන් ඇයට ළං වූවේය. තම එකම සොහොයුරියගේ ස්වාමිපුරුෂයාටද ෂෙරින්ගේ කැමැත්තක් තිබුණේය.
තරුණියන් මුළාවේ දැමීමට රවිඳු තරම් දක්‍ෂයෙක් අහල ගම් හතක නොසිටියේය. ෂෙරින් තමන්ට කැමැත්තක් ඇති බව ඔහු දැන ගත්තේය. ඒ අනුව ෂෙරින්ව තම වසඟයට ගැනීමට ඔහු මාන බැලූවේය.
එදින සෙනසුරාදා දිනයකි. බිරිඳ රැකියාවට ගොස් තිබුණි. නිවසේ සිටියේ ෂෙරින් පමණි. රවිඳු ද තම යහළුවකු මුණ ගැසීමට ගොස් නැවත නිවස බලා පැමිණියේය. ඒ වන විට ෂෙරින් සාලයේ රූපවාහිනිය නරඹමින් සිටියාය.
‘නංගී තවම අක්කා ආවේ නැද්ද?’
කියා පවසමින් රවිඳු ඇය අසලට පැමිණියේය.
‘නැහැ අයියේ තවම නැහැ’
‘අම්මලා ඇයි පේන්න නැත්තේ’
‘ඒගොල්ලෝ ටවුන් එකට ගියා දැන් එයි’
මෙය ෂෙරින් සමග සමීප වීමට හොඳම වේලාව බව ඔහු දැන ගත්තේය. එමනිසා ඇය අසලින්ම ඔහු හිඳ ගත්තේය. ෂෙරින්ගෙන්ද එයට අකමැත්තක් නොතිබුණි. එලෙස ඉඳගත් රවිඳු ආයාසයෙන් මෙලෙස විමසුවේය.
‘නංගී මං ඔයාගෙන් දෙයක් අහන්න හිටියේ. අවංකව උත්තරයක් දෙනවද?’
‘මොනවද අනේ මගෙන් අහන්න තියෙන්නෙ ඔයාට. අහන්න එක්කෙනෙක් ඉන්නෙ. එයාගෙන් අහගන්න’ එලෙස ෂෙරින් රවිඳුට දුන්නේ දෙපැත්ත කැපෙන උත්තරයකි.
‘එයා වැඩක් නැහැ.’
‘වැඩක් නැත්නම් බැඳ ගත්තේ’ ඒක නොවෙයි මොකක්ද මගෙන් අහන්න තියෙනවා කිව්වේ’‘හැබැයි මේක ඇහුවා කියලා තරහ වෙන්න එපා’
‘මගෙ මස්සිනත් එක්ක මම තරහ වෙනවද?’ ඇය සිනාසෙමින් පිළිතුරු දුන්නාය.
‘ඔයාට බෝයි ෆ්‍රෙන්ඞ් කෙනෙක් ඉන්නවද?’
‘ඇයි එක පාරට එහෙම අහන්නේ. මම තවම පොඩි කෙල්ලෙක්නේ.’‘අනේ ඔයාගේ පොඩි. ඉන්නවා නේද?’
‘නැහැ අයියේ නැහැ’
‘ඇයගේ එම කතා විලාශයෙන්, අංග ලක්‍ෂණවලින් තමාට කැමැත්තක් ඇති බව රවිඳු දැන ගත්තේය. ඔහු එක්වරම ෂෙරින්ගේ දෑත් අල්ලා ගත්තේය. එලෙස අල්ලාගෙන මෙලෙස පැවැසුවේය.
‘නංගී මම ඔයාට ගොඩක් ආදරෙයි.’
එය ඇසීමෙන් එක්වරම ඇය පුදුමයට පත් වූවාය. ඇයද රවිඳුගේ දෑත් තවත් දැඩිව අල්ලා ගෙන ඔහුගේ මුහුණ දෙස මඳ වේලාවක් බලා සිටියාහ. එලෙස බලා සිටිමින් මෙලෙස පැවැසුවාය.
එතකොට අක්කට මොකද වෙන්නේ’
අනේ මන්දා නංගී. මම ඔයාට ආදරෙයි. මට මෙච්චර දවස් කියා ගන්න බැරිව හිටියේ.’
‘මමත් එහෙමයි අයියේ. ඔයාට හිතින් ගොඩක් ආදරය කළා කියා ගන්න බැරිව හිටියේ’
‘ඒකනේ නංගි මට ඔයාව අක්කට කලින් හම්බ වෙන්න තිබුණේ‘
‘ඒකනම් ඇත්ත. එහෙනම් අයියා මගේනේ’
‘දැනුත් ඔයාගේ තමයි. මම ඔයා වෙනුවෙන් ඕනම දෙයකට ඉන්නවා’
එලෙස බිරිඳගේ නැඟණිය වන බාල වයස්කාර තරුණිය සමග රවිඳු අනියම් සම්බන්ධතාවක් ගොඩනඟා ගත්තේය. දෙදෙනා අතර රහසේ එම සම්බන්ධතාවය පවත්වාගෙන ගියහ. නිවැසියන් නොමැති අවස්ථාවලදී ඔවුන් නිදහසේ ආදරය මෙන්ම රාගයද අත් වින්ඳාය. එලෙස මාස කිහිපයක් ගතවිණ. ෂෙරීන්ට රවිඳු නැතිවම බැරි විය. දිනක් ඇය රවිඳුට මෙලෙස පැවැසුවාය.
‘අයියේ මට දැන් ඔයා නැතිව ඉන්න බැහැ’
‘මටත් එහෙමයි නංගි. අක්කව දැන් එපා වෙලා තියෙන්නේ. එයා මට ආදරේ නැහැ. මට ඕනේ ඔයාව’
‘මොකද අයියේ අපි කරන්නේ. ඔයා නැති වුණොත් මම මැරෙනවා’
‘නංගී අපි පැනලා යමු. මේ සේරම අමතක කර දාලා. වෙන කරන්න දෙයක් නැහැ.’
රාගයෙන් මත්වී සිටි රවිඳු ෂෙරීන්ට ඇති කැමැත්ත නිසා එහි බරපතලකම ගැන කිසිවක් නොසිතා තම බිරිඳවද අතහැර දමා හොර රහසේ පැන යෑමට එම බාල වයස්කාර දැරියට යෝජනා කළේය. එම දැරිවියද ආදරය සහ රාගයට තිබූ කැමැත්ත උඩ එම යෝජනාවට කැමති විය.
රවිඳු සහ ෂෙරීන් පසුගිය මාසයේ 2 වැනිදා හොර රහසේ පැන යෑමට තීරණය කළහ. ෂෙරීන් දෙමාපියන්ට පැවැසුවේ පාසල පිරිසිදු කිරීමට යන බවයි. පසුදින එනම් සැප්තැම්බර් 3 වැනිදා පාසල් වාරය පටන් ගැනීමටද නියමිතව තිබුණි. ඒ පිළිබඳව සැක නොසිතූ ෂෙරීන්ගේ දෙමාපියෝ ඇයට එහි යෑමට අවසර දුන්හ.
පාසලට පැමිණි ඇය තම යෙහෙළියන් සමග සුළු වේලාවක් ගත කළේය. ඉන්පසු ඉදලක් රැගෙන ඒමට යන බව පවසා පාසලින් පිටත් විය. ඉන්පසු ඇය රවිඳුට දුරකථන ඇමතුමක් ලබා ගත්තාය. කලින් සැලසුම් කරගෙන තිබූ අයුරින් රවිඳු ක්‍රියාත්මක විය.
නියමිත වේලාව පසුවිය. ෂෙරීන් නිවසට නොපැමිණියහ. දෙමාපියෝ බිය වූහ. ඇය ගැන සොයා බැලූහ. එහෙත් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි විය. අවසානයේ මාදම්පේ පොලිසියට ගොස් තම දියණියගේ අතුරුදන්වීම පිළිබඳව පැමිණිල්ලක් දැමුවේය.
දින කිහිපයක් ගතවිය. ෂෙරීන් මෙන්ම රවිඳු ගැනද තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. එම නිවැසියෝ කුමකින් කුමක් සිදුවූවාද යන්න සොයා ගැනීමට නොහැකිව අසරණ වූහ. නොකා නොබී අතුරුදන් වූ දෙදෙනා ගැන සොයා බැලූහ.
කලබල අස්සේ ෂෙරීන්ගේ මවට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ ෂෙරීන්ගෙනි. ඇය පැවැසුවේ මෙපමණකි. ‘අම්මේ මම අක්කාගේ ස්වාමිපුරුෂයාත් එක්ක ජීවත් වෙනවා. අපි ගැන සොයන්න එපා’ එම වචන ටික එම මවට දරා ගැනීමට නොහැකි විය. ඇය සිහිසුන්ව ඇද වැටුණාය. වේදනාව සහ ලැජ්ජාව දරා ගැනීමට නොහැකිව ෂානි සියදිවි නසා ගැනීමට පවා තැත් කළාය.
අවසානයේ ෂෙරීන්ගේ මව සියල්ල පොලිසිය වෙත පැමිණ පැවැසුවාය. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු පරීක්‍ෂණ පවත්වා ඞී.ජේ. සංගීත ශිල්පියා කොටුව දුම්රිය පළ අසලදී අත්අඩංගුවට ගත්හ. අවසානයේ බාල වයස්කාර දැරියක මවුපියන්ගේ භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව යටතේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!