Gossip

විවාහයෙන් ඕනම වෙලාවක අයින් වෙන්න පුළුවන් – ආසාවල් ඇතිවෙන්න පුළුවන් – චන්න පෙරේරා

ලංකාවේ ඉන්න දක්ෂ නළුවෙක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ. ඒත් දැන් චන්න රඟපෑමට වඩා සිනමා අධ්‍යක්ෂණයට එකතු වෙලා ඉන්නේ. ඉතින් චන්න ආදරේ ගැන පුවත්පතක් හමුවේ කියලා තිබුණේ මේ විදියට.

ආදරයට නිර්වචනයක් දෙන්න?
මගේ ජීවිතය ජීවත් කරවන්නේ ආදරය.

ආදරය හිතට දැනෙද්දි වයස කීයද?
අවුරුදු පහළොවේදි විතර.

පාසල් ප්‍රේමය මතකද?
මතකයි.

ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැහැ කියන්නේ ඇත්තද?
ඒක සම්පූර්ණ ඇත්ත. ජීවිත කාලෙම ඇඟේ ‍ලේ මස් නහර ඇතුළේ කිඳා බැහැලා තියෙනවා.

පෙම්වතියගෙන් ලැබුණු මුල්ම තෑග්ග මොකක්ද?
සෙරමික්වලින් හදපු කොටියෙක් ඉන්න ඔරුවක් තමයි මට ලැබුණේ.

ඇයගෙන් ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද?
ඇගේ ආදරය සහ කරුණාව.

ආදරය මුලින්ම ප්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයද?
එහෙම නැහැ. ආදරය ප්‍රකාශ කරන්න ඕන කියලත් මම හිතන්නේ නැහැ. ඒක එකිනෙකාගේ හදවතට දැනෙන දෙයක්.

ඔබට කවුරුහරි මුලින්ම ආදරය ප්‍රකාශ කරලා තියෙනවාද?
එහෙමම නැහැ.

අප්‍රකාශිත ආදරයක් තිබිලා තියෙනවාද?
නැහැ.

ක්ෂේත්‍රයේ අයට හිත ගිහින් නැද්ද?
කවදාවත් නැහැ.

ඔබ කැමති වෙන්නේ ගැහැනු ළමයගේ මොන ගතිගුණවලටද?
කරුණාවන්තකමට, ‍පොදුවේ මිනිස්සුන්ට ආදරය කරන කෙනෙක්ගේ ආදරය වෙනස් වෙන්නේ නැහැ.

වයසින් වැඩිමල් කෙනෙක් ගැන ආදරයක් හිතිලා නැද්ද?
කවදාවත්ම නැහැ.

ආදරය හා රාගයට එකවිට පැවැත්මක් තියෙන්න පුළුවන්ද?
ඒක රඳා පවතින්නේ රාගය විශ්‍ලේෂණය මත. ඕනම කෙනෙක්ට හිත යන්නේ එක්තරා ආසාවකින්. ඒ ආසාව රාගය නම් ඒ රාගය. මුලින්ම පෙනෙන දේටයි ආදරය කරන්නේ. පස්සෙයි ගතිගුණවලට ආදරය කරන්නේ. මම කියන්නේ රාගය ආදරය කියන්නේ සම්මිශ්‍රණයක්. නමුත් පසුකාලීනව ආදරය තමයි වැඩියෙන්ම වැදගත් වෙන්නේ.

විරහව කී වතාවක් විඳලා තියෙනවාද?
සෑහෙන වතාවක් විඳලා තියෙනවා.

ආදරය විවාහයෙන් කෙළවර වෙන්න ඕන කියලා ඔබ හිතනවාද?
කවදාවත්ම නැහැ. ඒක මහ බොරුවක්. ආදරය ජීවිත කාලයෙම තියෙනවා. විවාහය ඕනම වෙලාවක අයින් වෙන්න පුළුවන්.

විවාහය ලියාපදිංචි කළ යුතුයි කියලා හිතනවද?
අවශ්‍ය නැහැ. සමාජ සම්මතයට අනුව නම් එහෙම කරන්න වෙනවා. නමුත් මගේ මතය ලියවිල්ලට සීමා විය යුතු නැහැ.

විවාහයෙන් පසුව බොහෝදෙනා වෙනස් වෙනවා. ඒ ඇයි?
එකිනෙකාගේ අඩුපාඩු වැඩිපුර දැකීම. ඈතින් ඉද්දි අපි ඉන්නේ ඈත්වෙලා. ඒ වෙලාවට දකින්නේ හොඳ විතරයි. ගැහැනු, පිරිමි දෙගොල්ලන්ගෙම දුර්වලතා වගේම හොඳ ගතිගුණ තියෙනවා. එකට ඉද්දි දුර්වලතා දකිද්දි ඒවා දරාගන්න බැරිව අයින් වෙනවා. ඒ දුර්වලතාවලට අනුගත වෙන්න පුළුවන් නම් ඒ විවාහය සාර්ථක වෙනවා.

සමලිංගිකයන්ගේ ආදරය සමාජ සම්මතයට පටහැනිද?
ඒ උපතින්ම ගෙනා ආසාවක්, නැත්නම් අත්දැකීම්, හෝමෝන අනුව වෙනවා. එහෙම වීම ඒ අයගේ වරදක් ‍නෙවෙයි. ඒක ස්වභාව ධර්මයෙන් ලැබෙන දෙයක්. මම පුද්ගලිකව ඒ දේ අප්‍රිය කරනවා. මම අප්‍රිය කරන දෙයක් තව කෙනෙක් අප්‍රිය කරන්න ඕන කියලා නීතියක් නැහැ.

ආදරය එක් සහකාරියකට පමණක් සීමා විය යුතුද?
ආදරයෙන් පිරුණාම වෙන සහකාරියකට හිත යන්නේ නැහැ. කෙනෙක් හදවතින් තව කෙනෙක්ට බැඳිලා තියෙනවා නම් එයාගේ හිත පිරිලා නිසා තව කෙනෙක්ට ඉඩක් ලැබෙන්නේ නැහැ. ආසාවල් ඇතිවෙන්න පුළුවන්. නමුත් ඒ ආදරය ‍නෙවෙයි.

පෙම්වතිය තරහ වුණාම කොහොමද යාළු කරගන්නේ?
කාන්තා, පිරිමි දෙගොල්ලොම එකිනෙකාට සෙකන්ඩ් වෙන්න කැමති නැහැ. ඒක හරි දුර්වලකමක්. මම මගේ අතින් වැරැද්දක් වුණාම කිසිම පැකිළීමකින් තොරව සමාව ඉල්ලනවා.

ඔබ හිතනවාද ජීවිතයට ගැළපෙනම කෙනා ලැබුණා කියලා?
අපි කාටද එහෙම ජීවිතේට හරිම කෙනා ලැබිලා තියෙන්නේ?

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!