Gossip

අහන්න දකින්න ලැබුණෙම මුස්ලිම් සිංහල ගැටුම්…. පොලොන්නරුවේ මුස්ලිම් ගමක්ම එකතු වෙලා සිංහල ජාතිකයෙකුට කරපු වැඩක්

වකුගඩු රෝගයකින් පෙලුණු සිංහල ජාතික වයස අවුරුදු 50 ක් වු පුද්ගලයෙකුට ඔහුගේ සැත්කමට අවශ්‍ය රුපියල් ලක්ෂ 4 ක මුදලක් මුස්ලිම් ගම්මානයක් විසින් පරිත්‍යාග කර තිබෙනවා.

මේ පුවත වාර්තා වන්නේ පොලොන්නරුවේ කුඩා පොකුණ ප‍්‍රදේශයෙනුයි.

කුඩා පොකුණ උප තැපැල් කාර්යාලයේ උප තැපැල් ස්ථානාධිපතිවරයා වශයෙන් වසර 13ක් සේවය කරමින් සිටි කේ.ඒ.කරුණාරත්න නැමති මොහු දරුවන් තිදෙනෙකුගේ පියෙක්.

මොවුන් ජීවත්වන්නේ කුඩා පොකුණ මුස්ලිම් ගම්මානයේයි.

කරුණාරත්න මහතාට වකුගඩු රෝගය වැළදී වසරක් පමණ ගත වී ඇති අතර ඔහු මේවන විට මහනුවර ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔහුට වකුගඩුවක් බද්ධ කිරීම සදහා විශාල මුදලක් වැය වන බැවින් මුස්ලිම් ගම්මානයේ සිටින සියලුම මුස්ලිම් ජනතාව එක්වී කරුණාරත්න මහතාගේ පවුලේ සමාජිකයින් වෙත මෙම රුපියල් ලක්ෂ 04ක මුදල ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.

ජාතීන් අතර සුහදතාවයක් නොමැතිව දිවයිනේ සමහර තැන්වල ගැටුම් ඇති වුවත් මෙවැනි අනෝන්‍ය සුහදතාවයෙන් එක්ව තම ජීවිකාව ගත කරන ජන කොට්ඨාශයන් ද ලංකාව තුළ නැතුවාම නොවේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!