Gossip

වික්ටර් ජීවත් වෙන්නේ ඉස්සරටත් වඩා සතුටින් කියලා ඔහුගේ පෙනුම දකින ඕනෑම කෙනෙක්ට තේරෙනවා ඇති – දෙවසරක යුග දිවිය ගැන හෂිනි කිව්ව කතාව

පෙබරවාරි 18 වැනිදාට යෙදී තිබෙන, වික්ටර් රත්නායකයන්ගේ 77 වැනි උපන් දිනය මොන විදියටද සමරන්න හිතාගෙන ඉන්නේ?
උපන් දිනය වෙනුවෙන් කියලා මේ වතාවේ විශේෂයෙන් ප්‍රසංගයක් පවත්වන්නේ නැහැ. ඒ වෙනුවට එදාට අපි දෙන්නම ගිහින් සුව කළ නොහැකි රෝගීන් වෙසෙන රාජගිරිය වික්ටෝරියා නිවාසයට දානයක් දෙනවා. ඒ හැරුණාම උපන් දිනයදා සවස්වරුවේ වික්ටර්ගේ පැරණි මිතුරන් එක්කාසු කරගෙන පුංචි සාදයක් පවත්වන්නත් සූදානමක් තියෙනවා.

මේ අවුරුද්දේ වික්ටර් රත්නායකයන්ගේ සංගීත කටයුතු මොන විදියටද පෙළ ගැසිලා තියෙන්නේ?
වික්ටර්ගේ “සරස” ඒක පුද්ගල ප්‍රසංගය මේ වෙද්දී රටපුරා සාර්ථක ගමනක් යනවා. පසුගිය 02 වැනිදා නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදීත් ඉතා සාර්ථක ප්‍රසංගයක් නිමාවට පත් වුණා. වික්ටර්ගේ ගීත 50ක් ඇතුළත් පෙන්ඩ්‍රයිව් එකකුත් “වික්ටර් රත්නායක සදාදර ගී” නමින් මේ අවුරුද්දේ මුල එළි දැක්වුණා. ඒක මීට කලින් ලංකාවේ කිසිම ගායන ශිල්පියෙක් නොකළ දෙයක්. “සරස” හැරුණාම වෙනත් ගෘහස්ථ ප්‍රසංගවලටත් වික්ටර් සහභාගි වෙනවා. ඒ වගේම විදෙස් ප්‍රසංගවලටත් එක්වෙනවා. ඒ වගේම මේ වසරේදී වික්ටර්ගේ ගීත ඇතුළත් මොබයිල් ඇප් එකක් එළිදැක්වීමටත් කටයුතු සූදානම් කරමිනුයි ඉන්නේ.

රසික ආදරය උපරිමයෙන් දිනා සිටින වික්ටර් රත්නායකයන් තවදුරටත් මේ විදිහට ප්‍රසංග පවත්වමින් වෙහෙසෙන්නේ ඇයි කියල සමහරු විමසනවා. මොකක්ද ඔබට ඊට දෙන්නට තිබෙන පිළිතුර?
මම දකින විදිහට, වික්ටර් කියන්නේ සංගීත කටයුතු සම්බන්ධයෙන් කවදාවත් පීඩාවට පත් වෙන කෙනෙක් ‍නෙවෙයි. රසික ප්‍රතිචාරත් එක්ක වික්ටර් හැමදාමත් අලුත් වෙනවා. ඒ ප්‍රතිචාරම තමයි වික්ටර්ව ජීවත් කරවන්නේ. කවදාහරි ඔහුටම ඇති කියලා හිතෙන දවසක් එනතුරු ප්‍රසංගවලට සහභාගි වෙමින් සංගීත කටයුතුවල නිරත වේවි.

මේ වෙනකොට ඔබ දෙපළ විවාහ වෙලා කොච්චර කල්ද?
අපි විවාහ වෙලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා.

ඔබ දෙදෙනා අතර තිබෙන වයස් පරතරය ඇතුළු විවිධාකාරයේ හේතුන් නිසා මුල් කාලයේ ඔබ දෙපළට විවිධාකාරයේ විවේචන එල්ල වුණා. ඒ විවේචන දිහා බලද්දී අද ඔබට මොකද හිතෙන්නේ?
අපිට එල්ල වුණු විවේචන දිහා හැමදාමත් අපි උපේක්ෂා සහගතවයි බැලුවේ. කවදාවත් අපි ඒ දේවල්වලට ප්‍රති උත්තර දෙන්න ගියේ නැහැ. වික්ටර් කියන්නේ හැමදාමත් තමන්ගේ පාඩුවේ ගමනක් ගිය කෙනෙක්. මම ‍පොඩිකා‍ලේ ඉඳන්ම වික්ටර් රත්නායක කියන චරිතයට ගරු කළා. ඉතින් එවැනි කෙනෙකුගේ දිවි ගමනට ශක්තියක් වෙන්න ලැබිම ගැන මට හරි සතුටක්. දැන් ඔහුගේ පෙනුම දකිද්දී පවා ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇති වික්ටර් ජීවත් වෙන්නේ ඉස්සරටත් වඩා සතුටින් බව.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!