Gossip

මධූෂ් එක්ක ඇල්ලූ අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට කොටහේනේදී වෙඩි ප්‍රහාරයක්

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හෝටලයකදී අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ අනියම් බිරිඳට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ කොටහේන, මැල්වත්ත, මෛත්‍රී බෝධිරාජ මාවතේදීයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ කංජිපානි ඉම්රාන්ගේ බිරිඳ ආශා ෆාරි හෙවත් කුඩු චූටි නම් කාන්තාව ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඇය ද හෙරොයින් ජාවාරමේ නිරතව සිටි අයෙක් බවට අනාවරණය වූ බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇය මේවන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!