Gossip

සල්ලි පස්සේම දුවන ගායකයො ඉන්න රටක මනුස්සකම උතුරන ගායකයා උඹ විතරයි – චාමර වීරසිංහගේ උතුම් මනුස්සකම

රටේම ආදරය දිනාගත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට යළිත් වතාවක් පසුගිය 12 වනදා ගණේමුල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයේදී ගල් ප්‍රහාරයකට ලක්වුණා.

මෙම ප්‍රහාරයෙන් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී හසිත කෝකිල දරුණු ලෙස හිසට සිදුවූ තුවාළ හේතුවෙන් රාගම රෝහලට ඇතුලත් කෙරුණා.

මෙම ප්‍රහාරයට හේතුව වී තිබුණේ එම ප්‍රදේශයේ අයෙකුට සංවිධායකයන් විසින් ගීත ගායනා කිරීමට අවස්ථාව ලබාදීමත් සමගයි.

එයට උරණ වූ නරඹන්නෙකු විසින් මෙම ගල් ප්‍රහාරය එල්ලකර ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර පසුගියදා බණ්ඩාරවෙල ප්‍රදේශයේදීද ප්‍රසංගයේ කාලසීමාව සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදයක් හේතුවෙන් සහරා ෆ්ලෑෂ් වේදිකාවට ප්‍රහාරයක් එල්ලවුණා.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය එල්ලවීමත් සමඟ තුවාල ලැබූ වාදන ශිල්පියාව කඩිනමින් රෝහල්ගතකර ඇත්තේ ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ බවයි වාර්තා වන්නේ.

මේ චාමර වීරසිංහ ගැන ප්‍රහාරයට ලක්වූ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී හසිත කෝකිල දැක්වූ අදහසක්.

ඒකයි චාමර අයියේ උඹට අපි මෙ තරම් ආදරේ.සල්ලි පස්සේම දුවන් ගායකයො ඉන්න රටක මනුස්සකම උතුරන ගායකයා උඹ විතරයි..

2019.02.12 දින ජීවිතයේ අමිහිරිම අත්දැකීමට මුහුණ දීමට සිදුවීම ගැන කණගාටු වෙමි. වරද කාගේද යන්න මා හරියට දන්නේ නැත. මා කිසිවෙකුටත් වෙර කරන්නේද නැත. පලිගැනීමක්ද කිසිසේත් නැත. මම අදහන දෙවියන්වහන්සේ ජේසුස් වහන්සේ පමණක් විශ්වාස කරමි.! මෙම අනතුර සිදුවූ අවස්තාවේ මා රෝහලට රැගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපතවූයේ නැත කිසිවෙකු වාහනයක් දුන්නේද නතර කලේද නැත. විශේෂයෙන්ම ගායන ශිල්පී “චාමර වීරසිංහ” අයය ඔබ එම අවස්තාවෙ කිසිවක් නොබල මා වාහනයට දාගෙන ඉතා ඉක්මනින් මා රාගම රෝහල වෙත රැගෙන ගියා. එතන් සිට ඔබ මා සමග ලගින් රැදී සිටියා ඔබගේ ප්‍රසංගයේ මුදල්වත් කිසිවක් ඔබ සිතුවේ නැත. ඉන් පසු යාමට තිබූ ප්‍රසංගයටද ගියේ නැත. මා රෝහලෙන් පිටවී යනතෙක්ම ඔබ මා සමග සිටීම මට මහත් සතුටක් මෙන්ම ඔබට ඒ සැමදේටම අනේකවාරයක් පින්…! කවුරැ මොන දේ කීවත් ඔබ හදවතේ ගායකයා ලෙස ඔබට මේ තරම් මිනිසුන් ආදරය කරන්නේ මේ මනුස්සකම නිසාවෙනි.. එම අවස්තාවේ සිට මේ දක්වා මාගෙ සුවදුක් සොයා බැලූ ඔබ සැමටම අනේකවාරයක් පින්..! මෙම සිදුවීම සිදු වූ පළමු සහ අවසාන පුද්ගලයා මම නොවෙමි.. අප ජීවත්වන්නේ ඉතා කෙටි කාලයකි. මේ සසර පුරාවට කොපමන වාරයක් අපි ඉපදී මියගොස් ඇත්ද.? එම නිසා පව් කිරීමට පෙර දෙපාරක් සිතන්න. අපගේ පොඩි හැකියාවෙන් වාදනයෙන් ගායනයෙන් ඔබ සතුටට පත්වූයේ නැතිනම් ඔබට හරිහැටි රසයක් ලබාදීමට නොහැකිවුවානම් අපි කණගාටුවන්නෙමු..! සංගීතය සමග දරැණු මත්ද්‍රවය පටලවාගැනීමෙන් වලකින්න. එයින් ඔබට ඉතිරිවන්නේ විකුර්ති වූ මනසක් පමණි. ඔබව සතුටු කිරිමට මේ සේවය ඉටු කලද, අවසානයේ අපිට දුක,වේදනාව,ලේ,කදුලු,කලකිරීමක් පමණක්ම වීම හිතට ඉමහත් වේදනාවකි…. මෙතුවක්දුර අපිව දුරිමත් කරන ආදරය කරන සහ ගල්මුල් එල්ල කරන ඔබ සැමටද අනේකවාරයක් පින්….!! හසිත කෝකිල(සහරා ෆ්ලෑශ්)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!