Gossip

වික්ටර්ගේ බිරිඳ ගැබ් අරගෙනද? ඇත්තම කතාව මෙන්න – Exclusive

වික්ටර් රත්නායක කියන්නේ තවමත් හැමෝම ආදරය කරන ප්‍රවීන ගායකයෙක්.

ඉතින් වික්ටර් රත්නායකයන් ගැන පසුගිය දවස්වල සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තේ ඔහුගේ දෙවන විවාහය නිසයි.

තමන්ට වඩා වයසින් ඉතා බාල හෂිනි රත්නායක සමග විවාහ වීමත් සමග මේ දෙදෙනා ගැන විවිධ කටකතා පුවත් මැවෙන්න ගත්තා.

කෙසේවෙතත් වික්ටර් – හෂිනි යුවළ ගැන නැවතත් සමාජජාල මාධ්‍යයන්වල අලුත් කතාබහක් ඇතිවෙන්න පටන් අරන් තියෙනවා. ඊට හේතුව වෙලා තිබෙන්නේ විවිධ වෙබ් අඩවි මගින් හෂිනි රත්නායක ගැබ් ගෙන ඇති බවට වාර්තා කිරීමත් සමගයි.

මින් පෙර අවස්ථාවකදී හෂිනි රත්නායක පවසා තිබුණේ තමන් සහ සිය සැමියා වන වික්ටර් දරුවෙක් පිළිබඳ බලාපොරොත්තු වන බවයි. මේ නිසාම හෂිනි රත්නායක ගැබ් ගෙන ඇති බවට කතා සත්‍යය විය හැකි බවට සමාජජාල මාධ්‍යයන්වල පැතිරෙමින් පවතිනවා.

කොහොමවුනත් මේ පැතිරෙන කටකතාව කිසිදු සත්‍යයතාවයක් නොමැති බවයි අපට වාර්තා වුණේ. ඡායාරූප කිහිපයක් දුටු පමණින් කෙනෙකුට මෙවැනි දෙයක් ප්‍රකාශ කළ නොහැකි අතර මේ පිළිබඳව ඔවුන් දෙපළද කිසිදු ප්‍රකාශයක් මාධ්‍යයට සිදු කර නොමැත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!