Gossip

ඡන්දේ ගන්න මේ වගේ බාල වැඩ කරන මිනිස්සුන්ට ඔබේ වටිනා ඡන්දය පූජා කරනවද..? – මොහොතක් සිතන්න

මේ දිනවල හැමතැනම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි පළාත් පාලන මැතිවරණය කියලා කියන්නේ.

ඉතින් මේ වෙනුවෙන් ඡන්ද අපේක්ෂකයන් ලහිලහියේ සූදානම් වන බවක් තමයි හැමතැනම පෙනෙන්නට තියෙන්නේ.

තමන්ට ඡන්දය ලබාගන්න ඔවුන් මේ දිනවල විවිධ ක්‍රම අනුගමනය කරනවා.

ඉතින් අපි මේ කියන්න යන්නේ එහෙම ඡන්දය ලබාගන්න සිදුකරපු ක්‍රියාවක් ගැනයි.

මෙවර එක්සත් ජාතික පක්ෂයට තරගවදින අපේක්ෂකයෙක් අලියෙකුගේ ශරීරයෙහි සිය රුව සහිත පොස්ටරය අලවා මහමග රැගෙන ගොස් තිබෙනවා.

කෙසේවෙතත් සත්ත්ව හිංසනය ගැන වැඩියෙන්ම කතාකරන මේ රටේ දේශපාලඥයන් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමට මෙවන් දෙයක් කිරීම කොතරම් උචිතද?

එසේම ඡන්දය ලබාගැනීමට මෙවැනි ක්‍රියාවල නිරතවන අපේක්ෂකයන් ජනතා ඡන්දයෙන් තෝරා පත් කරගන්නවාද නැද්ද යන්න ජනතාව පවා නැවත වරක් සිතා බැලිය යුතු කාලයයි මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!