Gossip

බුකියේ ලයික්, කමෙන්ට්වලට වශී වෙලා අපූරු සිත්තම් මවන සොඳුරු කලාකරුවා – Exclusive

ජීවිතේ සමහර වෙලාවට අපිට ඉස්සරහට යන්න විවිධ හේතු නිර්මාණය වෙනවා.
සමහරු ජවීතේ වැටුණාම එතනින් ලොකු හයියක් හිතට අරගෙන ජීවිතේ ජයගන්නවා.
ඒ විදිහට තමන්ට පුංචි කාලේ ඉඳලා තිබුණු හැකියාව මුහුණුපොතේ ලයික්, කමෙන්ට් නිසා වර්ධනය කරගත්තු අපූරු සිත්තම්කරුවෙක් ගැනයි අපි මේ කියන්න යන්නේ.
නමින් ඔහු සවිදු කෝලිය රාජකරුණා.
සවිදි පදිංචි වෙලා ඉන්නේ බලංගොඩ.
ලස්සන සිත්තම් ඒ විදිහටම හරි අපූරුවට අදින්න සවිදුට පුළුවන්.
අවුරුදු 24 ක් සවිදුගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි.

සවිදු අධ්‍යාපනය ලබා තිබෙන්නේ බලංගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විදුහලෙන්.
මේ අපූරු හැකියාව ගැන අපි සවිදුගෙන් ඇහුවම ඔහු කිව්වේ මේ වගේ කතාවක්.
“මට පොඩි කාලේ ඉඳන් හැකියාව තිබුණා, ඒත් ලොකු උනන්දුවක් තිබුණේ නෑ, ඒ වුණාට ඇන්දා.
උසස් පෙළින් පස්සේ තමයි මේ විදිහට වැඩි ඉඩක් වෙන් කරලා අදින්න පටන් ගත්තේ.
ඒවා ඇඳලා මම ෆේස්බුක් දැම්මා.
ඒවට ලයික්, කමෙන්ට් දානකොට මට ලොකු ආසාවක් ඇතිවුණා තව අදින්න ඕනේ කියලා.
ඊට පස්සෙයි මම රැකියාව විදිහට මේක කරගෙන යන්න පටන් ගත්තේ.
මම චිත්‍ර ගැන ලොකුවට ඉගෙන ගෙන නැහැ. හැමදේම තනියම තමයි හොයලා බලලා ඉගෙන ගත්තේ.
මම චිත්‍රපටවල සහ ටෙලි නාට්‍යවල සහය කලා අධ්‍යක්ෂණය කරනවා.
කලාවෙන් ඉදිරියට යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!