Gossip

ඇලස්කාවේ ප්‍රබල භූ චලනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙයි

එක්සත් ජනපදයේ ඇලස්කාවේ කෝඩියැක් දුපත් ආශ්‍රිතව 7.9 ක ප්‍රබල භූ චලනයක් සිදුවීමෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය පවසන්නේ මෙය ඇලස්කාවේ හා බ්රිටිෂ් කොලොම්බියා වෙරළ තීරයට කෙරෙන අනතුරු ඇඟවීමක් බවයි.

මෙම සුනාමි අනතුරු ඇගවීමත් සමග කැනඩාව / අමරිකාවේ බටහිර වෙරළ තීරය ඇතුලු ප්‍රදේශ රැසක වෙරළාශ්‍රිත ජනතාව ඉවත් කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනතාවගේ ජංගම දුරකථන වෙත ඇලස්කාවේ කාලගුණ අංශ අනතුරු ඇගවීම් පණිවුඩ යවා ඇති අතර ඒ දුපත්වලින් ඉවත්වන ලෙසට හෝ උස් බිම් ප්‍රදේශවලට යන ලෙසට ජනතාවට දන්වා තිබෙනවා.

මෙම භූ කම්පනය සැතපුම් සියයක පමණ දුරින් පිහිටි ප්‍රදේශවලට ද දැනී ඇති බව සමාජ මාධ්‍ය තුල ජනතාව සටහන් කර තිබෙනන අතර භූ කම්පනයෙන් සිදුවු හානියක් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!