Gossip

වැස්සෙන් ප්‍රදේශ කිහිපයක් සෝදගෙන යයි – අයහපත් කාලගුණය මහ විපතක පෙරනිමිත්තක්ද?

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.

කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා.

මෙම සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ගස් විශාල ප්‍රමාණයක් කඩා වැටී තිබූ අතර, ඉන් ප්‍රදේශයේ විදුලිබල සැපයුමටද බාධා එල්ලවුණා.

මේ අතර හැටන් – දික්ඔය දරවල වත්තේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් දෙදෙනෙකු අකුණු සැර වැදීමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද දහවල් ඇද හැලූණු අධික වර්ෂාවත් සමඟ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ

මේ අතර දිවුලපිටිය, මිනුවන්ගොඩ,පන්නල ප්‍රදේශවලටත් අධික වැසි පවතින බව අප වාර්තාකරු වසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!