Gossip

පොලිසියේ රාජකාරිය පාතාලේ මර්ධනය කරන එකද? එහෙමත් නැත්නම් පාතාලේ අයගේ වෙඩින්වලට ආරක්ෂාව දෙන එකද?

මට්ටක්කුලිය ප්‍රදේශයේ පසුගියදා පාතාල සාමාජිකයෙක්ගේ විවාහ උත්සවයක් තිබිලා තියෙනවා.

කොහොමවුනත් මේ මංගල උත්සවය වත්තල පොලිසියේ පූර්ණ ආරක්ෂාව යටතේ තමයි සිදුවෙලා තියෙන්නේ.

හැබැයි ඉතින් පොලිසියේ රාජකාරිය වෙන්නේ පාතාලේ මර්ධනය කරන එක මිසක් පාතාල සාමාජිකයන්ට පොලිස් ආරක්ෂාව දෙන එකනම් නෙවෙයි.

මංගල යුවළ රැගත් මංගල රථය වත්තල, කදිරාන පාලම අසලට කැඳවාගෙන ඇවිත් තියෙන්නේ කොළඹ පොලීසියේ ජීප් සහ යතුරුපැදි ආරක්ෂාව යටතේ කියලා තමයි කියවෙන්නේ.

එතන ඉදන් වත්තල පොලිසියේ ජීප් සහ යතුරුපැදි ආරක්ෂාව යටතේ වත්තල පිහිටි උත්සව ශාලාවකට රැගෙන ගිහින් තියෙනවා. මංගල උත්සවයට අමුත්තන් 300 ක් පමණ සහභාගී වෙලා තියෙනවා. ඔවුන් සියලු දෙනාම පොලීසියේ දැඩි ආරක්ෂාව යටතේ තමයි උත්සව ශාලාවට ඇතුල් කරලා තියෙන්නේ. මංගල උත්සවයේ ආරම්භයේ ඉදන් අවසානය වෙනකන් 20 ක පමණ පොලිස් කණ්ඩායමක් ආරක්ෂාව සපයලා තියෙනවා.

ඒ වගේම මනාල යුවළ මධුසමයට පිටත් වෙලා තියෙන්නෙත් පොලිස් ආරක්ෂාව යටතේලු.

විවාහ වුන පාතාල කල්ලි සාමාජිකයාට විවාහ මංගල දිනයේදී ඔහුව ඝාතනය කරනවා කියලා ප්‍රතිවාදී පාතාල කල්ලි නායකයෙක් තර්ජනය කරලා තියෙනවා. පාතාල කල්ලි සාමාජිකයා මේ බව පොලිස්පතිවරයාට පැමිණිලි කරලා. ඒ නිසාලු ඔහුට විවාහ මංගල දිනයේදී පොලිස් ආරක්ෂාව දෙන්න නියෝග කරලා තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!