Gossip

එජාපයේ දැවැන්තයෙක් කනගාටු වෙයි – ෆේස්බුක් එකට දාපු සටහනෙන් හෙළිවූ රහස මෙන්න

ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් තෝරා පත් කර ගැනීමේ සටන අත් නොහැර ඉදිරියටම ගෙන යන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පවසනවා.

අද(26) උදෑසන සිරිකොතේ පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඊයේ(25) දිනයේ දී පක්ෂයේ ප්‍රධාන හා සෙසු තනතුරු කිහිපයක් සඳහා නව මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගත් අතර අද දිනයේ දි තනතුරු කිහිපයක් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා.

මේ අනුව එම එක්‌සත් ජාතික පක්‍ෂ දේශපාලන මණ්‌ඩලය කොළඹ අරලිගහ මන්දිරයේදී ඊයේ සන්ධ්‍යාවේ රැස්‌වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩපිළවෙළට අදාළව පක්‍ෂයේ ප්‍රධාන තනතුරු කිහිපය සඳහා අලුත් පත්කිරීම් සිදුවූ දේශපාලන මණ්‌ඩල රැස්‌වීම පුරා පැය දෙකහමාරකට අධික කාලයක්‌ පැවැත්වුණා.

එහිදි එක්‌සත් ජාතික පක්‍ෂයේ සභාපති ධුරයට උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම්, පක්‍ෂ මහ ලේකම් තනතුරට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම්, ජාතික සංවිධායක ධුරයට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ මහා භාණ්‌ඩාගාරික ධූරයට, ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් පත් කිරීමට එම දේශපාලන මණ්‌ඩලය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රතිසංස්කරණ ප්‍රකාශයට පත් කළ පසු ඊයේ රාත්‍රීයේ සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරන එජාපයේ රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සටහන් කර තිබුනේ ” කනගාටුව පමණයි ! ” යනුවෙනි.

එම සටහන පහතින් ,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!