Gossip

වැරදි දෙයක් සඳහන් කරලා තිබුණොත් හෝ මගේ කීර්තිනාමයට කැළලක් කරලා තිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම ලංකාවට පැමිණි පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – අමල් පෙරේරා

ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුනට ගැනුණු මාකඳුරේ මධූෂ්, ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ඇතුළු පිරිස මේ වන විට බර් – ඩුබායි පොලිස් ස්ථානයේ රඳවා සිටිනවා.

මේ අතර තමන් ගැන අසත්‍ය ප්‍රචාර පැතිරවූ මාධ්‍ය ආයතනවලට එරෙහිව දිවයිනට ආ පසු නීනීමය ක්‍රියාමාර්ග ගන්නා බව ගායක අමල් පෙරේරා පවසා ඇති බව නීතීඥ උදුල් පෙරේරා පවසනවා.

නීතීඥවරයා මෙම අදහස් පළ කළේ ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා හමුවීමෙන් අනතුරුවයි.

“අද දිනයේත් මම අමල් පෙරේරාව ගිහිල්ලා බර් ඩුබායි පොලිසියේදී මුණගැසුණා. විශේෂයෙන් ඔහු ස්ථිර කළා 27 වැනිදා ඔවුන් උසාවි දාන බවට. ඒ වගේම තමයි මෙතන යම්කිසි නෙනෙක් මත්ද්‍රව්‍ය තිබුණා හෝ යම් කිසි දෙයකට සම්බන්ධයක් තිබුණොත් ඔවුන්ට දඬුවම් කිරීම සිදුකරයි. නමුත් සිංදු කීම සඳහා නිශ්චිත ආරාධනාවක් සහිතව වීසා බලපත්‍ර ලබා ගෙන මේ රටට ආපු තමන්ට හා නදීමාල් සම්බන්ධයෙන් එවැනි දෙයක් ක්‍රියාත්මක නොවෙයි කියලා තමයි අපේක්ෂා කරන්නේ. ඔහු ප්‍රකාශ කළා මට, විවිධ පුවත් පළ කරන්න කටයුතු කරලා තියෙනවා අපේ රටේ මාධ්‍යය. ඉතින් අනිවාර්යයෙන්ම වැරදි දෙයක් සඳහන් කරලා තිබුණොත් හෝ නැත්නම් අසත්‍යයක් පළ කරලා ඔහුගේ කීර්තිනාමය කැළලක් කරන්න කටයුතු කළොත් එහෙම අනිවාර්යයෙන්ම ලංකාවට පැමිණි පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවට ඔහු අවධාරණය කළා. ලංකාවේ මාධ්‍ය වාර්තාවල විවිධ අවස්ථාවල විශේෂයෙන්ම මැණිකක් සම්බන්ධව මම දැක්කා පුවත් වල වාර්තා වෙලා තියෙනවා අර කෝටි ගාණක් වටින මැණිකක් හොරකම් කරගෙන පැමිණීම සම්බන්ධව. ඔහු කියන ආකාරයට චෝදනා දෙකම ප්‍රතික්ෂේප කරනවා. රයන් සම්බන්ධයෙන් දන්නැහැ. බොහෝවිට අර නිදහස් වෙන්න ඉන්න 15 දෙනා අතර ඔහු ඉන්න පුළුවන්”.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!