Gossip

වැරදිම හොයන අයට චන්දිමාල් දීපු අපූරු ආදර්ශය – උපන්දින පාටියට හම්බුණු Publicity එක මේ වගේ දේකට හම්බෙයිද?

චන්දිමාල් ජයසිංහ කියන චරිතය මිනිස්සු අතර කතාවෙන්න පටන්ගත්තේ ඔහු ගත්ත උපන්දින සාදය නිසා.

මේ උපන්දින සාදය ගැන යහපත් ප්‍රතිචාර වගේම ඔහුට අයහපත් ප්‍රතිචාරත් එල්ල වුණා.

හැබැයි චන්දිමාල්ව විවේචනය කරපු අය දැන් දන්නවා චන්දිමාල් කියන්නේ කවුද කියලා.

අපි මේ කියන්න යන්නේ චන්දිමාල් කරපු තවත් වැඩක් ගැන.

පසුගිය දිනවල ෆේස්බුක් තුළ ස්නායු ලෙඩකින් පෙළෙන දරුවෙකුගේ ඡායාරූප හුවමාරු වෙන්න පටන් ගත්තා.

ඉතින් මේ දරුවාට මෙහෙම වෙලා තියෙන්නේ මාස 06 දි රෝහලේදී දීපු එන්නතක් වැරදිලා. ඒවගේම තාත්තා තමයි දරුවාගේ හැමදේම කරන්නේ. අම්මා මේ අයව දාලා ගිහින්. කොහොමවුණත් මේ තාත්තායි පුතයි ගොඩක් අසරණ වෙලා හිටියේ.

ඉතින් චන්දිමාල් මේ වෙද්දි ඒ දරුවාට ප්‍රතිකාර සඳහා යොමු කරලා තියෙනවා.

මේ දරුවා වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම කරනවා කියලා තමයි චන්දිමාල් කියලා තිබ්බේ.

වැරදිම පුනපුනා හොයන සමාජයක මේ වගේ හොඳ දේවල් ව්‍යාප්ත වෙන්නේ ඉතාමත් මන්දගාමීව වුණත් ඇත්තටම මේ කරන දෙයින් ඒ දරුවාත් ඒ පියාත් අපමණ සතුටක් ලබනවා ඇති…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!