Gossip

“අන්තිමට ඉතුරු වෙන්නේ ඔයාට ගත්ත පින්තූර ටික තමයි” – උමාලි සිය විවාහයේ පරණ මතකයන් අලුත් කරයි

සාරංග – උමාලි කියන යුවළගේ එකතුවීමත් එක්ක මේ දෙදෙනාගේ පවුල් ජීවිතයට බොහෝ දෙනෙකුගේ ආදරය හිමිවුණා.

හැබැයි මේ වෙද්දිනම් මේ දෙන්නාගේ විවාහය දෙදරා ගිහින් තියෙන්නේ.

කොහොමවුණත් උමාලි – සාරංග විවාහයේ පරණ මතකයක් උමාලි විසින් නැවත අලුත් කරලා තියෙනවා.

ඒ ඔවුන්ගේ විවාහ දිනයේදී ගත් ඇයගේ ඡායාරූපයක් ඇය සමාජජාල මාධ්‍යයන්වලට එක්කර තිබීමත් සමගයි.

මේ ඇය දැමූ සටහනයි.

ඕගොල්ලෝ දන්නවද මම කසාද බැඳපු දවසේ, එක්කෙනෙක් කිව්වා “අන්තිමට ඉතුරු වෙන්නේ ඔයාට ගත්ත පින්තූර ටික තමයි” කියලා. ඉතින් මම ඒ ගැන ටිකක් කල්පනා කළා… හැමෝටම ඒ වගේ තමයි. ඒකේ තියෙන හොඳ දේ තමයි, පින්තූරයක් අපි ගාව තියෙනකම් තමයි ඒකෙන් හොඳ හරි නරක හරි මතකයන් අපිට ලඟා කරන්නේ. කිසිම දෙයක් හැමදාම තියෙන්නේ නෑ. මොකද, කිසිම දේකට හැමදාම බෑ.
ඒක තමයි ජීවිතයේ සුන්දර ඇත්ත. ඔයා හිතන හැම මොහොතකම ඔයා ජීවත් වෙනවා. මේ ඔක්කොම අපූරු හීනයක්, ඔයාට ලඟා කරගන්න හැකියි කියල හිතෙන…
ඒ නිසා බුද්ධිමත් වෙන්න. තමන්ව මෝඩයෙකුගේ තත්ත්වයට පත් කරගන්න එපා.
වෙනත් දේවල් වලට ප්‍රමුඛත්වය දෙන කෙනෙක්ව විශ්වාස කරද්දී පරිස්සම් වෙන්න. තමන්ගේ වෙනස්වීම පිළිගන්න බැරි කෙනෙක්ව විශ්වාස කරද්දී පරිස්සම් වෙන්න.
තමන්ගේ රැකියාවට මුල් තැන දෙන කෙනෙක් ගෙන් පරිස්සම් වෙන්න.
පොරොන්දු ගොඩක් දෙන ඒත් තමන් දීපු වචනය වෙනස් කරන්න ඉඩ ඉල්ලන කෙනෙක්ගෙන් පරිස්ස්සම් වෙන්න.
ජීවිතේට මොහොතකටවත් දැකපු නැති කෙනෙක් ගැන කියවන කෙනෙක්ගෙන් පරිස්සම් වෙන්න.
තමන්ගේ වැරදි තියාගෙන අනුන්ට බනින කෙනෙක්ගෙන් පරිස්සම් වෙන්න. ඔයාට දැනෙන ඒත් ඔයා මඟ හරින කටුක හැගීමෙන් පරිස්සම් වෙන්න. ඒ ඔක්කොටම වඩා තමන් ඇතුලේ ඉන්න මිත්‍යාවට, මනක්කල්පිතයට රැවටුණු අනුවණයාගෙන් පරිස්සම් වෙන්න.
ජීවිතයෙන් පරිස්සම් වෙන්න. ජීවිතය ඉක්මනින බිඳෙන සුළු කටුක දෙයක්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!