Gossip

වැඩි කරපු තෙල් මිල නිසා අගමැති ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව පැවති විරෝධතාවලින් පසු අගමැති ඉල්ලා අස්වෙලා.

හැබැයි ඉතින් මෙහෙම ඉල්ලා අස්වෙලා තියෙන්නේ හයිටියේ අග්‍රාමාත්‍ය ජැක් ගයි ලෆොන්ටන්ට්.

එරට අගනුවර පැවති රැස්වීමකදී තමයි අග්‍රාමාත්‍යවරයා මේ බව නිවේදනය කරලා තියෙන්නේ.

එම ඉල්ලා අස්වීම ජනාධිපති ජොව්නල් මොයිස් විසින් පිළිගත් බවත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා.

පසුගියදා හයිටි රජය විසින් එරට පෙට්ට්‍රල් මිල සියයට 38කින් ද ඩීසල් මිල සියයට 48කින් සහ භුමිතෙල් මිල සියයට 51කින් ද ඉහළ දැම්මා.

එම ඉහළ දැමීමත් සමඟ ඇති වූ උද්ඝෝෂණ අතර තුර පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් වෙළෙඳසැල් කිහිපයකට ද අලාභ හානී පවා සිදුවෙලා කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!