Gossip

පාසල් නිල ඇඳුමෙන් බස් එකේදී පෙම් සුව වින්ද සිසුවියව දෙමාපියන් ප්‍රතික්ෂේප කරලා – පෙම්වතාටම භාරගන්න කියලා

පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටි තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ උසස්‌ විදුහලක උසස්‌ පෙළ ඉගෙන ගන්නා 18 හැවිරිදි සිසුවියක්‌ පාසලට පැමිණෙන බව සඳහන් කරමින් නිවසෙන් පිටවී පැමිණ තම ගමන් වාරය පැමිණෙන තෙක්‌ නොච්චියාගම රැජින හන්දියේ නවතා තිබූ පුද්ගලික බස්‌ රථයක තවත් තරුණයකු සමඟ පෙම් කරමින් සිටියදී විදුහලේ විනය මණ්‌ඩලයේ ගුරුවරුන් දෙදෙනකුට සහ විදුහලේ බුදු දහම උගන්වන භික්‍ෂුන් වහන්සේට අසුවී තඹුත්තේගම පොලිසියට බාරදීමේ සිද්ධියක්‌ වාර්තා වෙයි.

මෙම සිදුවීම නිසා මෙම දැරියගේ පියා සහ මවද තරුණයාගේ දෙමාපියන්ද ගෙන්වා පරීක්‍ෂණ පැවැත්වූ තඹුත්තේගම පොලිසිය දැරිය ඇගේ දෙමාපියන්ට බාරදීමට කටයුතු කරද්දී දෙමාපියන් බාර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කළ නිසා දැරියගේ වයස්‌ සීමාව ද ඉක්‌මවා ගොස්‌ ඇති හෙයින් පෙම් කෙළියේ යෙදී සිටිය තරුණයාටම බාරදීමේ සිද්ධියක්‌ වාර්තා වෙයි.

මෙම දැරිය දෙමාපියන් බාර ගැනීමට අපොහොසත් වන්නේ මන්දැයි ප්‍රශ්න කළ විට පොලිසියෙන් කියා සිටියේ ඇයට කීප වතාවක්‌ම වැඩිහිටියන්ද, භාරකරුවන්ද අවවාද කර ඇතත් අවනත නොවන බවයි. මේ සම්බන්ධව මීට පෙර පොලිසියට ගෙනැවිත් අවවාද අනුශාසනා කළත් ඒ කිසිවක්‌ ගණන් නොගෙන ඇය හිතුවක්‌කාර ලෙස හැසිරෙන බව දෙමාපියන් ප්‍රකාශ කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසියේ කාන්තා කාර්යාංශයේ කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂක ඉෂාරා හේරත් මහත්මියගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පවත්වා තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!