Gossip

වාර්තා පොත් උඩුයටිකුරු කරමින් ඉන්දියාව අසරණ කළ සිංහයන්ගේ අලුත් ටීම් එක අද වැඩ පෙන්නපු හැටි – Photos

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය ජයගැනීමට ශ්‍රී ලංකා පිළ සමත්වුණා.
ඒ කඩුලු 7 කින්.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 38 යි පන්දු 2 කදී සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 112 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 යි පන්දු 4 කදී ලකණු 113 ක් ලබා තරගය ඉතා පහසුවෙන් ජයගත්තා.
පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 4 ක්, නුවන් ප්‍රදීප් කඩුලු දෙකක්, සහ ඇන්ජලෝ මැතිව්ස් අකිල ධනංජය, සචිත් පතිරණ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
ඉන්දියානු පිළ අද ලබාගත් ලකුණු 112 වාර්තා පොත් අතරට එක්වන්නේ ඉන්දියාවේදී වසර 24 කට පසු වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ඉන්දීය ඉනිමේ මුල් කඩුලු 7 බිදවැටුණේ ලකුණු 29 ක් තුලයි.
මෙම කඩුලු 7 බිදවැටීම වාර්තා වන්නේ ඉන්දීය ඉනිමේ අඩුම ලකුණු සංඛ්‍යාවකදී බිදවැටුණු පළමු අවස්ථාව ලෙසයි.
ශ්‍රී ලංකා පිළ අවසන් වරට එක්දින තරගයක් ඉන්දියාවේදී ජයගෙන තිබුණේ 2011 වසරේදීයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!