තරු හුට පට

කුසල් තවත් ලකුණු 17ක් ගත්තා නම් – සංගාගේ වාර්තාව බිඳ වැටෙන්නේ මෙහෙමයි

ක්‍රිකට් වංශ කතාවේ විශිෂ්ට දක්ෂතා දක්වන ඔස්ට්‍රේලියානුවන් හෙවත් සාමාන්‍ය වහරේ කියන පරිදි කැංගරුවන්ට මහනුවර පල්ලේකැලේදී දිගට හරහට බැට දී ලකුණු 150 සීමාව ඉක්මවා ගිය ලොව දෙවැනි යෞවනයා ලෙස වාර්තා පොත් අතරේ නම සනිටුහන් කර ගැනීමට  කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් සුපිරි පිතිකරුවෙකු මෙන්ම කඩුළු රකින්නකු ද වූ රොමේෂ් කළුවිතාරණ සතුව තිබූ එම වාර්තාව බිඳ හෙළමින්.

ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරඟයකදී ලකුණු 150 සීමාව පසුකළ පළමු යෞවනයා ‍එහෙමත් නැතිනම් අඩුම වයසින් එම දක්ෂතාව දැක්වූ ක්‍රීඩකයා ලෙස සනිටුහන්ව ඇත්තේ 1963 -64 කාලයේදී එවකට වයස අවුරුදු 19යි දින 331වූ  ග්‍රැහැම් පොලොක්ය.

ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 175ක් වෙනවා.

ඉන් අනතුරුව 1992දී කොළඹ එස්.එස්.සී පිටියේදී නොදැවී ලකුණු 132ක් ලබා ගනිමින් එනම් වයස අවුරුදු 22යි දින 267දී රොමේෂ් කළුවිතාරණ එම දස්කම දක්වා තිබෙනවා.

ඊයේ කුසල් මෙන්ඩිස් අතින් බිඳ වැටුණේ එම වාර්තාව වන ඒ අනූව ඔස්ට්‍රේලියාවට එරෙහිව අඩුම වයසකින් ටෙස්ට් තරඟයකදී ලකුණු 150 සීමාව අභිබවා ගිය ලොව දෙවැනි පිතිකරුවා ලෙස වාර්තා පොත් අලුත් කළේය.

මේ අතර පල්ලේකැලේ පැවැත්වෙන ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ අද සිව්වන දිනයේදී ඊයේ දිනය නතර කරන විට ලකුණු 169ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් අද තවත් ලකුණු 7ක් සිය ලකුණු සංඛ්‍යාවට එක්කර ගනිද්දී දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණේය.

කෙසේ වුවද මෙන්ඩිස්ගේ ඉනිම අද තවත් වාර්තාවකින් හැඩ වුණේ පල්ලේකැලේ පිටියේ ටෙස්ට් ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් එනම් ලකුණු 171ක් ලබා පකිස්ථානු කණ්ඩායමේ යුනිස් ඛාන් පිහිටුවා තිබූ වාර්තාව ද බිඳ හෙළීමෙන්ය.

කුසල් අද දැවී ගියේ ලකුණු 176ක් ලබා සිටියදීය. අද දිනයේදී කුසල් ලකුණු 192 සීමාව පසුකර ගියේ නම් මෙතෙක් ශ්‍රී ලාංකික පිතිකරුවෙකු ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගෙන තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාවද ඒ අනූව අභිබවා යාමට අවස්ථාව හිමිවෙනවා.

ඒ 2007 වසරේ හොබාර් හිදී කුමාර් සංගක්කාර ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් ලකුණු 192යි.

 

2222

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!