තරු හුට පට

අගෝස්තු 6දා සවස 6ට ලංකාවම එකම තැනකට (වීඩියෝ)

cover_star_city

 

ලංකාවේ පවත්වන මෙන්ම මේ වන විට පැවැත්වෙන රියැලිටි වැඩසටහන් ප්‍රේක්ෂක ජනතාව ඉතා ඉක්මනින්ම ඇඳබැඳ ගන්නවානේ. ලංකාවේ වගේම  ලෝකයෙත් මේ රියැලටි වැඩසටහන් වලට  පවතින්නෙත්   මහත් විශාල වූ ඉල්ලුමක්. කොහොම හරි ලංකාවේ නම් මේ වන විට රියැලටි වැඩසටහන් අතරින් ඉදිරියෙන්ම ඉන්නේ එහෙම නැතිනම් ලංකාවේ නම්බර් වන් රියැලටි වැඩසටහන තමයි “ ස්ටාර් සිටී“ කියන්නේ.

ස්ටාර් සිටි වැඩසටහන මේ  මව්බිම තුළ  නොබලපු කෙනෙක් නෑ. ඒ වගේම පිටරටවල ජීවිත්වන ලංකාවේ  මිනිස්සු පවා “ස්ටාර් සිටී“ වැඩසටහනට උන්මාදවෙලා තියෙන්නේ.

කොහොම හරි ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ  කවදත් අති දැවන්ත ප්‍රාසාංගික වැටසටහන් ඉදිරිපත් කළ ටී.වී. දෙරණ මෙවැනි රියලයි වැඩසටහනක් ලොවට හදුන්වාදුන්  ප්‍රථම අවස්ථාව මෙය වෙනවා. වෙන වෙන නාලිකා පවා රියලටි වැඩසටහන් ඉදිර්පති කර තිබුණත් මේ තරම් ජනාදරයට ප්‍රාප්ත වුණු, ඒ වගේම මේ තරම් ප්‍රසිද්ධියට පත්වුණු තවත් රියලටි වැඩසටහනක්  නැති තරම් කිව්වොත් නිවැරදීයි.

දැන් දැන් නම් මේ වැඩසටහන අනුකරණය කරලා තවත් නාලිකා වලින් රියලටී වැඩසටහනක් ආරම්භ කරන්න යනවා කියලත් කොහොම හරි ආරංචි වෙනවා. හැබැයි කවුරු මොනවා කළත් රියලටි ලොව හොල්ලපු වැඩසටහන තමයි දෙරණ ස්ටාර් සිටී කියන්නේ.

ඔන්න ඔයාලා කවුරුත් දන්නවා වගේ ස්ටාර් සිටී වැඩසටහනේ අවසන් මහා රාත්‍රිය අගෝස්තු මස 6වන  දින මහරගම තරුණ සේවා සභාවේදී  පවත්වන්න මේ වන විට සියලු දෙනා ලහි ලහියේ ලෑස්ති වෙනවා කියලා ආරංචියි.

මේ අවසාන මහා තරඟය සඳහා මේ වන විට කණ්ඩායම් දෙකක් තේරී පත්වී තිබෙනවා.  ඒ දුලිකා මාරපන ප්‍රමුඛ Supper Gangsters කණ්ඩායම  සමඟ රොෂාන් රණවණ ප්‍රමුඛ Amazing Fighters කන්ඩායම් දෙක වෙයි.

අන්තර්ජාතික රියැලටි කරළියට හඳුන්වාදෙන නව්‍යවාදී රියැලිටි  ආකෘතිය  ස්ටාර් සිටි  ඔන්න එදාට ටෙලිවිෂණය අලුත් මානයකට රැගෙන යන්න ලක ලෑස්ති වෙලා ඉන්නේ.    මොකද අපි එහෙම කියන්නේ මේ  අවසක් මහා තරඟය තුළ  ඔබ නොදුට ඔබ උන්මාදයට පත්කරන ඒ වගේම  ඔබ මවිත කරන දේවල් වෙනවා නියතයි. මේ ගැන අපි තවත් තවත් ඉදිරියට  කියන්න බලාපොරොත් වෙනවා.

ඔන්න හැමෝ ආගෝස්තු 6 වැනිදා පස්වරු 6.00 සිට ටී.වී දෙරණ නාලිකාව අනිවාර්යයෙන්ම බලන්න.

ස්ටාර් සිටි වැඩසටහනේ විශේෂ අවස්ථා පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!