තරු හුට පට

හයිඩ්පාක් පිටියේ ආයෙත් කරන්නේ මොකක්ද?

හයිඩ් පාක් පිටිය කියන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂවල බලය උරගා බලන තැනක් කිවුවොත් වැරැද්දක් නෑ. මොකද ලංකාවේ දේශපාලන පක්ෂ මෙන්ම ඇතැම් වෘත්තීය සමිති පවා මෙම පිටිය ඒ අයගේ විරෝධතා රැළි, රැස්වීම් පවත්වන්න යොදාගන්න ගොඩාක්ම කැමැත්තෙන් වෙන්කර ගන්නා නිසා. ඒකට හේතුවක් ‍තමයි කොළඹ තියෙන අනෙක් පිටි හා සැසඳීමේදී මෙය ප්‍රමාණයෙන් තරමක් කුඩා වුවත් ස්ථානීය වශයෙන් ඇති වැදගත්කම. විශේෂයෙන් ඉබ්බන්වල හන්දිය ආශ්‍රිතව මාර්ග අංක කිහිපයකම බස් රථ එහා මෙහා වීමත්, මෙම ස්ථානය පසුකර එදිනෙදා රැකියාවට යන එන විශාල පිරිසක් සිටීමත් කියන කාරණා නිසා. ඒ නිසා මෙම ස්ථානයට විරෝධතා පා ගමන්වලින් පැමි‍ණ අවසානයේ රැස්වීමක් පැවැත්වීමට බොහෝ දේශපාලන පක්ෂ ලොකු උත්සාහයක් ගන්නවා.

කොහොම වුණත් මේ දවස්වල හයිඩ්පිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන බවක්ද දක්නට ලැබෙනවා. මෑතකදී මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නිමවූ බවක් කියැවුණත් තවමත් එහි යම් යම් ඉදිකිරීම් සිදුවන බවක් මෙම ඡායා රූපවලින් දක්නට ලැබෙනවා. පහතින් එම දසුන් නරඹන්න.
13653259_1428206520528158_7294394116574348_o 13735072_1428206497194827_2182549187875062015_o 13767236_1428206650528145_6553673953477731951_o 13767377_1428206613861482_6913892803665721069_o 13895028_1428206153861528_1117818609915944515_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!