Gossip

වාද්දුව උණුසුම් කළ ගෑස් විරෝධය – ගෑස් දෙනකම් ලොරිය ඉස්සරහින් නැගිටින්නේ නෑ

මේ දිනවල වෙළෙඳපොළේ පවතින ගෘහස්ථ ගෑස් හිඟය හේතුවෙන් බොහෝ ජනතාව අපහසුතාවයට පත්ව සිටිනවා.

තම ඉවසීම ඉක්මවා ගිය තැන ඊට එරෙහිව විරෝධතා දැක්වීමට ද ජනතාව කටයුතු කරනවා.

එවැනි සිදුවීමක් අද (15) වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එක්තරා කාන්තාවක් වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ගෑස් නියෝජිත වෙළඳසලකට පැමිණි තිබුණේ සිය නිවසේ ඉවුම් පිහුම් කටයුතු සඳහා ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමටයි.

ඇය එම ස්ථානයට එනවිට එහි තවත් විශාල පිරිසක් සිටියා.

නමුත් වෙළෙඳසැල් හිමියා පවසා තිබුණේ ගෑස් නොමැති බවයි.

ඒ අවස්ථාවේ එහි ගබඩාවේ ගෑස් සිලින්ඩර් තිබු බව සඳහන්.

ගෑස් නොදීම ගැන උරණ වූ එම කාන්තාව ගෑස් සිලින්ඩරයක් ඉල්ලා ගෑස් ලොරියට මග හරස් කරමින් බිම වාඩිවී විරෝධතාවයක නිරත වුණා.

ගෑස් රැගත් ලොරිය පස්වරු 1.30 ට පමණ වෙළෙඳපොළට පැමිණි තිබු අතර, නියෝජිත මහතා වෙත නිකුත් කළ ගෑස් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම කාන්තාවට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට නොහැකි වී තිබුණා.

ලොරියේ මග හරස් කර බිම වාඩිවී පැයකට ආසන්න කාලයක් ඇය විරෝධතාවයේ නිතර වූ බව වාර්තා වුණා.

විරෝධතාවය හේතුවෙන් එම පරිශ්‍රය තුළ තරමක් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර, පැයකට ආසන්න කාලයක් ගෑස් රැගෙන ආ ලොරි රථය පිටව යාමට නොහැකිව රඳවා තිබුණා.

සිද්ධිය සැලවීමත් සමගම වාද්දුව පොලිසියේ නිලධාරී එම ස්ථානයට පැමිණි අතර, ගෑස් සිලින්ඩරයක් ලබාදෙන බවට ඇයට දුන් පොරොන්දුව මත ඇය එම ස්ථානයෙන් නැගී සිටි බව අප වාර්තාකරු පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!