Gossip

මත්ද්‍රව්‍ය සැකකරු ඇල්ලීමට ආ පොලීසියට කාන්තාවන් ගෙන් ප්‍රහාරයක් – SI රෝහලේ

එරාවුර් පොලීයේ නිලධාරීන් කණ්ඩායමකට පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් ට ප්‍රහාරය එල්ලවී තිබුණේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරීමේදී බව සඳහන් වුණා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් ඒ තිදෙනා අතරේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුද සිටින බවත් පොලීසිය පවසනවා.

ගල්මුල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ උප පොලිස් පරික්ෂක සියාමිදීන්‍ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා එරාවුර් රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පොලිස් නිලධාරීයකුට අයත් යතුරුපැදියකට මෙම සැකකරුවන් පහරදි හානිකර ඇති බවට පොලීසිය පවසනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අත්තේ එරාවුර් පොලිස් වසමේ ආලයඩි පාරේ පදිංචිකාරිනියක් වන අවුරුදු 32 සහ අවුරුදු 30 වයසේ පසුවන කාන්තාවන් දෙදෙනෙක්.

එරාවුර් පොලිසියේ උප පොලිස් පරීක්ෂක සියාමිදීන්‍ මහතා කාන්තා පොලිස් කොස්තාපල්වරියක ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එරාවුර් කලෙයිමහල් පාරේදී පෙරේදා 12 වැටලීමක් සිදුකර තිබුණේ ඔවුන්ට ලැබුණු තොරතුරක් අනුවයි.

වැටලීමට සහභාගීවූ පොලිස් කණ්ඩායම සැකකටයුතු යතුරුපැදියක් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ එය පදවාගෙන ආ පුද්ගලයා එම යතුරුපැදිය ද හෙරොයින් මිලිග්‍රෑම් 8710ක් ජංගම දුරකතනයක් සහ රුපියල් 1,200ක මුදලක්ද එහි දමා පළාගොස් ඇති බවට පොලීසිය පවසනවා.

පළාගිය ජවාරම්කරු තවත් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සමග පොලිස් කණ්ඩායම සිටි ස්ථානයට කඩාවැදී ගල්මුල් ප්‍රහාරයක් එල්ලකර ජාවාරම්කරුට අයත් පොලිස් බාරයට ගෙන තිබු යතුරුපැදියද රැගෙන පළාගොස් තිබුණා.

හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය, ජංගම දුරකතනය සහ මුදල් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

එරාවුර් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!