Gossip

අතුරුදන් වූ තරුණියගේ සිරුර කලපුවක

වයස අවුරුදු 23ක තරුණිකගේ මළ සිරුරක් කලපුවක තිබී ඊයේ (13) සවස සොයාගෙන තිබුණා.

මන්නාරම නගරයට පිවිසෙන ප්‍රධාන පාලම අසල කලපුවේ තිබී එම මළ සිරුර සොයාගත් බව මන්නාරම පොලීසිය පැවසුවා.

එලෙස මියගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවට හඳුනාගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ පොලීසියට CCTV දර්ශන හමුවී ඇති අතර එහි දැක්වෙන්නේ පසුගිය 11 වැනිදා තරුණයෙකු සමග මන්නාරම බස් නැවතුම්පොළ හරහා එම තරුණිය ගමන් කරන ආකාරයයි.

ඇය මන්නාරම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කර තිබුණා.

දෙදෙනා අතර ඇතිවී තිබූ මතගැටුමකින් පසු තරුණයා නැවත යාපනය දෙසට ගොස් ඇති අතර අනතුරුව තරුණිය සියදිවි නසාගෙන ඇති බවට පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!