Gossip

අත්පා කපාකොටා මහමගදී පුද්ගලයෙකුට එල්ල කළ අමානුෂික ප්‍රහාරය

ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මාර්ගයක් අයිනේ සිටි පුද්ගලයෙකුට අමානුෂික ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියක් මඩපාත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මඩපාත පොල්හේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටි පුද්ගලයකු එලෙස බරපතළ කැපුම් තුවාලවලට ලක්වී තිබුණා.

ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ දකුණු අත මැණික්කටුව අසලින් වෙන්වී ඇති අතර පාද දෙකට ද බරපතළ කැපුම් තුවාල සිදුවී ඇතැයි පොලීසිය කියයි.

ප්‍රහාරයට ලක්වී ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයකු වන අතර ප්‍රදේශවාසීන් පැවසුවේ ඔහු මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූවකු බවයි.

තියුණු ආයුධවලින් පහරදීමට පැමිණි පුද්ගලයන් රතු පාටට හුරු ත්‍රීරෝද රථයකින් පැමිණි බවට තොරතුරු ලැබී තිබෙනවා.

ප්‍රහාරය එල්ල කර සැකකරුවන් පළාගොස් තිබෙනවා.

ඔවුන් කොළමුන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු බවට තුවාලකරු විසින් හඳුනාගෙන තිබුණා.

බරපතළ කැපුම් තුවාල ලැබූ පුද්ගලයා 1990 සුවසැරිය ගිලන් රථයකින් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල කිරීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!