Gossip

වසර ගණනාවක් තිස්සේ මාකඳුරේ මධූෂ් සිදුකළ ඇඟ කිලිපොලායන අපරාධ රැසක් මෙන්න

ඩුබායිහි සැඟවී සිට මෙරට පාතාලය මෙහෙයවමින් මිනිස්‌ ඝාතන, කප්පම් ගැනීම්, පැහැරගෙන යැම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින මාකඳුරේ මධුෂ් නමැති ප්‍රබල පාතාල නායකයා ඊයේ ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණා.

මාකඳුරේ මධූෂ් විසින් සිදුකළ බව පැවසෙන අපරාධයන් කිහිපයක් මේ.

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කළ බවට ‘මාකඳුරේ මධුෂ්’ නමැත්තාට චෝදනා එල්ල වූ අතර ඔහු අපරාධ කල්ලි අතර නමක් දිනා ගත්තේ එම චෝදනා එල්ලවීමත් සමගය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ හෙළිදරව්වේදීද මාකදුරේ මධුෂ්ගේ නම ප්‍රකාශයට පත්වුණා.

2017 නොවැම්බර් අතුරුගිරිය රූපලාවන්‍යගාරයක කාන්තාවක් ඝාතනය කිරීම.

2018 පෙබරවාරි තලංගම ප්‍රදේශයේ යුවලක් ඝාතනය කිරීම

2018 මාර්තු අලුත්කඩේ ප්‍රදේශයේදී කොස්මල්ලීගේ නැමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ හිස කොටස අලුත්කඩේ අධිකරණය ආසන්නයට ගෙනැවිත් දැමීම

2017 සමයං ඝාතනය – කළුතර බන්ධනාගාර බස් රථයට වෙබි තැබීම

2017 වසරේ පිළියන්දල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ස්ථානාධිපති නියෝමාල් රංගජීව මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර තිබුණේද මාකඳුරේ මධූෂ් විසින් බව පැවසෙනවා.

පොට්ට නවුෆර්නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් පසු මෙරටට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ප්‍රධානම පුද්ගලයා ලෙස සැළකෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!