Gossip

ප්‍රබල පාතාල නායක මාකඳුරේ මධූෂ් සමග අමල් පෙරේරා සහ පුත් නැදිමාල් සිටියේ ඇයි?

මෙරට සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රබල පාතාල නායකයෙකු වන මාකඳුරේ මධූෂ් ඩුබායිහි සුපිරි හෝටලයකදී සිය පුතුගේ උපන්දින සාදය පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගැනුණා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ එරට ආරක්ෂක අංශ විසින් සිදු කළ ඒකාබද්ධ වැටලීමකින් අනතුරුවයි.

එමෙන්ම මෙම උපන්දින සාදය සඳහා ශ්‍රී ලංකාවෙන් පැනගොස් සිටින සියලුම පාතාල සාමාජිකයන් සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් රැසකට ආරාධනා කර තිබෙන අතර එම පිරිස අතර ප්‍රබල පාතාල සාමාජිකයින් වන කෙසෙල්වත්තේ දිනුක, කංජිපානි ඉම්රාන්, රණාලේ චුට්ටා සහ අංගොඩ සුද්දා ද සිටි බව පැවසෙනවා.

මේ අතර මෙම පාතාල සාමාජිකයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුතු පාතාල නායක මධුෂ් සමඟ එහි රැඳී සිටියේ කුමන කාරණාවක් සම්බන්ධයෙන්ද යන්න පිළිබඳ විමර්ශන සිදු කෙරෙන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගේ අධීක්ෂණය යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!