Gossip

“වවුලගේ ගෙදර ආවනම් එල්ලිලා හිටු” – සංවරශීලී ඇඳුම් අදින්න කියලා මුහුදු වෙරළේ පුවරුවක් ගැසූ හබරාදූව පොලිසියට දසතින් ප්‍රහාර එල්ල වෙයි – Photos

හබරාදූව පොලිසිය විසින් ස්ථාපනය කළ දැන්වීම් පුවරුවක් ගැන හුඟදෙනෙක් කතාවෙනවා.
එහි දැක්වෙන්නේ වෙරළේ ඇදිය යුතු ඇඳුම් සම්බන්ධයෙන්.
කොහොම වුණත් එම දැන්වීම් පුවරුව වහාම ඉවත් කරන්න කියලා පොලිසිය වෙත දන්වා ඇතිබව රාජ්‍ය පරිපාලන, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසා තිබෙන බවයි වාර්තා වන්නේ.
“දැන් ටික වෙලාවකට කළින් තමයි මටත් දැනගන්න ලැබුණේ. මම කිව්වා වහාම එය ඉවත් කරන්න කියලා.
“ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව සුදුසු ඇඳුමකින් සැරසී සිටින ලෙස” සඳහන් කරමින් හබරාදූව ප්‍රජා පොලිස් ඒකකය විසින් මෙම දැන්වීම් පුවරුව ස්ථාපිත කර තිබෙනවා.
නාන ඇඳුමකින් සැරසී සිටින විදේශීය කාන්තාවකගේ ඡායාරූපයක් දැන්වීම් පුවරුවේ දැක්වෙන අතර එවැනි ඇඳුම් ඇඟලීම “නුසුදුසු” බව දැක්වීම සඳහා ඒ මත කතිර ලකුණක් යොදා තිබෙනවා.
මෙම පුවරුව මුහුණුපොත හරහා හුවමාරුවීම නිසා මේ සම්බන්ධයෙන් විවිධ විචේචන එල්ලවී තිබුණා.
ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල පවතින දැඩි නීති සහ හබරාදූව ප්‍රජා පොලිස් ඒකකයේ ක්‍රියාපිළිවෙත සමාන කරමින් ඇතැමුන් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කර තිබුණා.
සමහරු අදහස් එක්කර තිබුණේ “සිතියමෙන් ⁣දුර වුනාට සෞදි අරාබියට අපි ගොඩාක් ළඟයි” යනුවෙනි.
“වවුලගෙ ගෙදර ආවනම් එල්ලිල හිටු! – ආගමික පොලිසිය, සිලෝන්” යනුවෙන් අදාළ දැන්වීම් පුවරුවේ ඡායාරූපය පළ කළ තවත් අයෙකු සඳහන් කර තිබුණා.
මේ සම්න්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය විසින් ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබෙනවා.
“ශ්‍රී ලංකාවේ දර්ශනීය වෙරළ භුක්ති විඳින සංචාරකයන්ට ‘ඇඳුම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන පොලිසියක්’ අනවශ්‍ය” බවත් සිය ආයතනය ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කර ඇති බවත් එම ට්විටර් පණිවුඩයේ දැක්වුණා.
මේ අතර ඉහත කී දැන්වීම් පුවරුව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීගේ අවධානයට ලක්ව ඇති බවත් ඔහු ඒ පිළිබඳ රාජ්‍ය පරිපාලන, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර දැනුවත් කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන පවසා තිබුණා.
ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රතිචාරය වූයේ බීච් එකට එන සංචාරකයන් කෙටි ඇඳුමක් අඳිනවා විනා වෙන මොනවා අඳින්නද?” යන්නය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!