Gossip News

වන ජිවි නිළධාරීන්ගේ නොපැමිණීමෙන් පරප්පුකන්ඩාවල් වැවේ අතරමංව සිටි අලි පැටියා මියගිහින් -Photos

වනජිවි නිළධාරීන් නොපැමිණීම හේතුවෙන් රෝගී තත්වයෙන් මන්නාරම, මාන්තෙයි බටහිර පරප්පුකන්ඩාල් වැ‍ව් පිටියට පැමිණ සිටි අලි පැටියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ(17) එම අලි පැටියාගේ මළ සිරුර සොයාගත් බව ප්‍රදේශවාසීන් පවසනවා.
ප්‍රදේශවාසීන් පැවසුවේ කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් අලි පැටියා පසුගිය 12 වැනිදා වැවට පැමිණ ඇති බව තමන් වනජිවි නිළධාරීන් වෙත දැනුම්දුන්නද වනජිවි නිළධාරීන් මේ දක්වා අලි පැටියා බැලීමට ‍නොපැමිණි බවයි.
ජලය බීමට පැමිණි රෝගී වු අලි පැටියෙකු දින ගණනාවක වැවේ සිටි බවත් අනතුරුව අලි පැටියා වැ‍වේ දකින්නට නොලැබුණ අතර, ඊයේ(17) සිය හේන් වගාවන් වෙත ගිය පිරිසක් අලි පැටියා ජිවිතක්ෂයට පත්ව ඇති අයුරු දැක ඇති බවද ප්‍රදේශවාසීන් පැවසනවා.
ප්‍රදේශවාසීන් පැවසුවේ පවතින නියඟය හමුවේ ජලය සොයාගෙන පැමිණි අලි පැටියා හක්ක පටස් වෙඩිල්ලකට තුවාල වි අලි රැලෙන් වෙන් වි තනිව වැවට පැමිණ සිටි බවයි.
අලි පැටියාගේ මුඛයේ තුවාලයක් පැවති ආකාරයක් දැක ගැනීමට හැකිව තිබු අතර, ඒ හේතුවෙන් අලි පැටියාට ආහාර ගැනීමට නොහැකිවීමෙන් ජිවිතක්ෂයට පත්වන්නට ඇති බව ප්‍රදේශවාසීන් සැක පළ කරනවා.
අලියා මියගිය බව වනජිවි නිළධාරීන්ට දැනුම් දුන්නද වනජිවි නිළධාරීන් ඊයේ(17) දිනයේදීවත් අදාළ ප්‍රදේශය වෙත නොපැමිණි බවද ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!