Gossip News

රජයේ වෛද්‍ය නිලධාරින් පැය විසිහතරක් වර්ජනයේ..රෝගීන් දැඩි අපහසුතාවයක – Photos

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගත් වෘත්තිය සමිති ක්‍රියාමාරගයකට අනුව අද (18) පෙ.ව 8.සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24 ක වැඩ වර්ජනයක් දිවයිනේ සියළුම රෝහල් වල ආරම්භ කර තිබෙනවා .ඒ අනුව රෝගීන් දැඩි අසිරූතාවයට පත්ව සිටිනවා.
දිපව්‍යාප්තව පවත්වන මෙම වැඩ වැජනය සමගාමීව දික්ඔය රජයේ දිස්ත්‍රික් මුලික රෝහලේද වෛද්‍යවරුන් සේවය සදහා සහභාගී වී නැති අතර එම වැඩ වර්ජනය නිසා කදුකරයේ ග්‍රාමිය හා තේ වතු ආශ්‍රිතව දිවි ගෙනව අඩු ආදායම්ලාභි හා සාමාණ්‍ය රෝගි ජනතාව දැඩි අපහසුතාවය පත්ව සිටින බවය වාර්තා වෙනවා.

නමුත් හදිසි රෝගීන් ඇතුලත් කරගැනීමේ අංශය පමනක් ක්‍රියාත්මකව පැවතිය අතර ඒ සදහා එක් වෛද්‍යවරයෙක් ඔවුන් පරික්ෂා කිරිමේ නිරතවන අතර ළමා ,මාතෘ ,පිළිකා හා යුධ හමුදා රෝහල් වල හා හදිසි අනතුර එකකයන් නිසි පරිදි ක්‍රියාත්ම කිරිමට පියවර ගෙන තිබෙනවා.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන පරිදී මෙරට රාජ්‍ය සේවයේ ඉහලම නිලවල සිටින නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධව බරපතල වැටුප් විශමතාවයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජය දැන්වත් කරමින් ජාතික වැටුප් ප්‍රතිපත්තිය රැක ගනිමින් දිමනා ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා සිටියත් එය නොසලකා හරිමින් 17 වන දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කල කැභිනට් පත්‍රිකාවේ වෛද්‍යවරුන් සමබන්ධයෙන් කිසිදු සදහනක් නොකිරිමට විරෝධය දක්වමින් මෙම වර්ජනය ක්‍රියාමක කර තිබෙන බවය අපට වාර්තා වෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!