Gossip News

අවුරුදු දෙකක දරුවෙක් අතින් තමන්ගේම මව ඝාතනය වෙයි – විඩියෝ

අවුරුදු දෙකක දරුවෙක් අතින් තමන්ගේ මව ඝාතනය වුණ සිද්ධියක් විදෙස් මාධ්‍ය හරහා වාර්තා වෙනවා. මෙම සිදුවීම වෙලා තිබෙන්නේ නැගෙනහිර යුරෝපයේ Belarus ප්‍රාන්තයේයි.

තමන්ගේ පවුලේ වාහනයේ ඉඳපු අවුරුදු දෙකක දරුවාවා අඩක් විවෘත කරපු කවුළුවෙන් එළියට ගන්න යද්දි තමයි මෙම අනතුර වෙලා තියෙන්නේ . මියගිය යූලියා ෂාර්කෝ තමන්ගේ දරුවාව එලෙස කවුළුවෙන් එළියට ගන්න හදන අවස්ථාවේ පුංචි දරුවා අතින් වාහනයේ කවුළුව වැසෙන ස්වයංකීය ස්විචය එබිලා තිබෙනවා. එම අවස්ථාවේ ඇයගේ බෙල්ල තද වී සිහිසුන් වෙලා තිබෙනවා.
ඇගේ සැමියා ඇයව රෝහල් ගතකර තිබුණත් හුස්ම හිරවීම නිසා මොලයට හානි වීම හේතුවෙන් ඇය දින අටකට පසුව මිය ගිහින් තිබෙනවා.

මෙය දරුවා හිතාමතා කළදෙයක් නෙවෙයි කියලා මේ වෙනකොට පොලීසිය සොයාගන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!