Gossip News

සහරාන්ගේ ආයුධ එළු කූඩුවක් යටින් මතුවෙලා..

රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් ටී-56 ගිනි අවියක් සමඟ තවත් පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගෙන තිබෙනවා.

මෙම භාණ්ඩ අක්කරෙයිපත්තු පාලමුණෙයි ප්‍රදේශයේ ඔලුවිල් වරායට යන මාර්ගය අසල පිහිටි ඉඩමක වල දමා තිබිය දී මෙම ද්‍රව්‍ය අද(18) උදෑසන සොයා ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

ඒ අනුව ටී-56 ගිනි අවියක් සජීව පතරොම් 30 ක් හා එම මැගසින් 1 ක් සොයා ගෙන තිබෙනවා.

ඩෙටනේටර් 7ක්, ජෙලට්නයිට් කුරූ 4 ක්, වයර්, ඇමෝනියා, යුරියා, ඇතුළු භාණ්ඩ කීපයක් ද සොයා ගැණුන භාණ්ඩ අතර වෙනවා.

අද දෙරණ වාර්තාකරු පවසා සිටියේ, මේ අතර හඳුනා නොගත් වෙඩි බෙහෙත් වර්ග දෙකක් ද ඇති බවයි.

මෙම අවි ආයුධ අදාළ ඉඩමේ එළු කූඩුවක් යටින් වල දමා තිබිය දී සොයා ගත් ඔහු වැඩිදුරටක් සඳහන් කරනවා.

මෙම අවි ආයුධ සහරාන්ගේ ඇතුළු කණ්ඩායම විසින් සඟවා තබන්නට ඇතැයි ද පොලීසිය සැකපළ කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!