Gossip

ලෝකයම බිය වැද්දූ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය ඉවරයි -ප්‍රධානීන් 04 දෙනෙක් අත්අඩංගුවට

අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය මෙහෙය වූ ප්‍රධානතම හමුදා ප්‍රධානීහු සිවු දෙනා ඉරාක රජය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ නිසා අයිසිස්‌ සංවිධානයේ සියලු ත්‍රස්‌ත මෙහෙයුම් බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අයිසිස්‌ නායක අබුබකර් අල් බෑග්ඩෑඩිගේ ප්‍රධාන උපදේශක ඉස්‌මයිල් එතිව් අල්ලාගත් ඉරාක හමුදා ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ “වට්‌ස්‌ ඇප්” සබඳතා විමර්ශනය කිරිමේදී ඔවුන් අසු වී තිබෙනවා.

මෙතෙක්‌ මේ හමුදා ප්‍රධානීන් සිවු දෙනා සැඟවී සිටි බව හෙළි ව ඇති අතර මොවුහු අසු වීමෙන් පසු අයිසිස්‌ සංවිධානයේ බැංකු ගිණුම් ද හමු වී තිබෙනවා. ඉරාක රූපවාහිනිය මේ තොරතුරු හෙළි කිරීමෙන් පසු බෑග්ඩෑඩ් ජනතාව ප්‍රීති ඝෝෂා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!