Gossip

මගේ ළඟ බොරු වැඩ නෑ – අපේ දේ ලෝකෙට පෙන්වන්න අවශ්‍ය නැහැ – වොල්ගා කල්පනී

පුංචි තිරයට කටකාර දගකාර තවත් විටෙක අහිංසක වගේම නපුරු චරිතයක් විදිහට කැමරාව ඉදිරියේ දකින්න ලැබෙන ඇය වොල්ගා කල්පනී. විවාහ වෙලා ඒ තරම් කාලයක් නැහැ. ඉතින් වොල්ගා මේ පුවත්පතක් සමග කළ පිළිසඳරක්.

නිවාඩුයි වගේ දෙන්නටම?
ඔව්. හර්ෂණටයි මටයි ගොඩක් දවසකින් ගෙදර විවේකීව ඉන්න ලැබුණා. වෙන දවස්වලට ෂූටින් වැටෙනවා .

ඉතින් වොල්ගා කොහොමද ජීවිතේ?
බොහොම නිදහසේ සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙනවා. විවාහ වුණා කියලා ලොකු වෙනසකුත් නැහැ.

කලා ක්ෂේත්‍රයේ ඔබ හා සමකාලීන විවාහ ජීවිත ගෙවන අයත් එක්ක බලද්දී හර්ෂණ හා වොල්ගා වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ ඇයි ඒ ?
ඔව්. ඒකට හේතුව අපේ දේ ලෝකෙට පෙන්වන්න අවශ්‍ය නැහැ . හර්ෂණ කියන්නේ ප්‍රේක්ෂකයෝ ආදරේ කරන රංගන ශිල්පියෙක්. වොල්ගා කියන්නෙත් ප්‍රේක්ෂකයෝ ආදරේ කරන රංගන ශිල්පිනියක්. ඉතින් ඒකත් එක්ක අපේ පෞද්ගලික දේවල් එහෙම නැත්නම් බොරුවට,මම කියන්නේ ටීවී එක ඉස්සරහට ගිහිල්ලා බොරුවට පෙනී ඉඳලා වැඩක් නැහැ ඇතුළේ ඒක නැත්නම්. මාව ආශ්‍රය කරන යාළුවෝ මට කියන දෙයක් තමා ‘වොල්ගා ගේ බොරු ෂෝ නෑ’ කියලා. පාටීස් වලට සහභාගී වෙනවා. නමුත් අපේ ප්‍රතිපත්තියක් තියෙනවා පෞද්ගලික යාළුවකුගේ හැර වෙන පාටීස් වල ඉඳලා ටික වෙලාවකින් එනවා කියන එක. ඒ දේ අපි පුරුද්දක් කරගෙන තියෙනවා. මෑත කාලීනව ඇවිත් ඉන්න නිරූපිකාවෝ නිළියෝ කියලා හිතාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා නේ. ඒ අය පාටි වලට ගිහින් ඩාන්ස් එකක් you tube දාලා ජනප්‍රිය වෙන්න හදනවා. අනේ මං දන්නේ නැහැ මට නම් එහෙම දේවල් හිතිලා නැහැ. මගේ ළඟ බොරු වැඩ නැති නිසා තමයි වැඩිය පෙන්න නැත්තේ.

වොල්ගා – හර්ෂණ සුන්දර කැදැල්ලට අලුත් අමුත්තෙක් ගෙනෙන්න අදහසක් නැද්ද ?
කැමැතියි. මම කොහොමත් දරුවන්ට කැමැතියි. නමුත් මම බුද්ධාගමේ. බුදුන් වගේම දෙවියෝත් අදහන කෙනෙක්. ඉතින් මම විශ්වාස කරනවා මට අවශ්‍ය වෙලාවට ඒ දේ ලැබෙයි. ජීවිතේ හැමදේම නිසි වෙලාවට වුණා වගේම දෙවියෝ ඒ කෙනා දෙන දවසක් ඇති නේ. ඒ වෙනතුරු ඉන්නවා.

රංගන වැඩ කටයුතු ගැන කතා කරමු.
ටෙලි නාට්‍ය කිහිපයකම මේ දවස්වල ඉන්නවා.

ඒ කියන්නෙ නාළිකා කිහිපයකම වොල්ගා මේ දවස්වල දකින්න ලැබෙනවා.
මටත් මේ ළඟදි කෙනෙක් මතක් කළා ටෙලි නාට්‍ය 4ක් යනවා නේද කියලා. ඉතින් සතුටුයි. සාමාන්‍ය සතුටක් තියෙනවා. මොකද ප්‍රේක්ෂකයෝ මට නිතරම හම්බවෙන්න ලැබෙනවා නේ විවිධ විවිධ චරිත හරහා.

මේ දස්වල හර්ෂණයි වොල්ගයි ටීවී බලන්න හරියට රණ්ඩු වෙනවලු නේද?
කවුද කිව්වේ…? අනේ එහෙම නැහැ.

ඇයි දෙන්නගෙම ටෙලි නාට්‍ය, නාළිකා කිහිපයකම විකාශය වෙනවා නේ?
ඔව්. මෙහෙමයි ඇත්තටම ටෙලි නාට්‍ය යන වෙලාවට අපිට ටෙලි නාට්‍ය බලන්න වෙන්නේ නැහැ. ඒව බලන්න වෙන්නේ peo tv එකෙන් නැත්නම් you tube එකෙන් .

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!