Gossip

ලෝකයටම නව බලාපොරොත්තුවක් එක්කරමින් ජීවිත ගණනක් බිළිගත් කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගනී – Photos

ලොව පුරා මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතයන් 92,860ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 3162 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මෙම කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීමේ කටයුතු සාර්ථකව අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.
අදාල එන්නත ආරක්ෂිතව මුදා හැරීමට මාස 18 ක පමණ කාලයක් ගත වන ඇති බවයි බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
වෛරසය සඳහා වන මෙම එන්නත නිර්මාණය කර ඇත්තේ මිනිස් සෛල ආක්‍රමණය කිරීමට හා ආසාදනය වීමට ඉඩ සලසන වෛරසයේ මතුපිට ඇති ස්පයික ප්‍රෝටීන ඉලක්ක කරගනිමිනුයි.
ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙම එන්නත පිළිබඳ මූලික පරීක්ෂණ මීට පෙර සිටම ඇරඹූ අතර ඔවුන්ගේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් “කොරෝනා” ව්‍යාප්තියට මාස 6කට පමණ පෙර අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබුණා.
ඒ “සාර්ස්” හා සමාන, ඊටත් වඩා වැඩියෙන් ජීවිත හානි පමුණුවන “භයානක වෛරසයක්” පැතිර යා හැකි බවටයි.
කොරෝනා මැඩලීමට නිපදවූ මෙම නව එන්නත වඩා ආරක්ෂාකාරී එකක් බවයි විශේෂඥයින් ඩේල්මේල් වෙබ් අඩවියට පවසා ඇත්තේ.
මෙම එන්නත වැඩිදියුණු කිරීම සඳහා මෝඩර්නා (Moderna) නම් සමාගමක් ඉදිරිපත් වී තිබෙනවා.
මෙම එන්නත දැනටමත් එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය වෙත ලබා දී ඇති බව සඳහන්.
කුඩා – වැඩිහිටි වශයෙන් මාත්‍රා දෙකකට මෙම එන්නත නිර්මාණය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.

Dailymail ඇසුරිනි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!