Gossip

කොරෝනා වෛරසය නිසා වැළඳ ගැනීම, හාදු දීම මාසයක් යනතුරු තහනම් කිරීමට රජය තීරණය කරයි

ගතවූ පැය 24 තුලදී කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ පුද්ගලයින් 27 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.
මේ වන විට ඉතාලියේ පමණක් වෛරසය ආසාධිත රෝගීන් 2502ක් සිටින බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
වෛරසය පැතිර යාම වැඩිවීමත් සමග ඉතාලි රජය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 75 ට වඩා වැඩි පුද්ගලයින්ට නිවෙස් තුලටම වී සිටින ලෙසත් එකිනෙකා වැළද ගැනීම, හාදු දීම, අතට අත දීම මාසයක කාලයක් තහනම් කිරීමට ඉතාලි රජය නියෝග කර තිබෙනවා.
තවද ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වලකින ලෙසත් පුද්ගලයින් දෙදෙනෙක් අතර පරතරය මීටරයක් ලෙස පවත්වා ගන්නා ලෙසත් නියෝග කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!