Gossip News

ලොව පුරා කොරෝනා මරණ හතළිස් දෙදහස පනී

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත විස්ලේෂණයට අනුව අද (01 )  පස්වරු 3.00 පමණ වන විට කොවිඩි – 19 වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය ගණන හතළිස් දෙදහස ( 42,365) ඉක්මවා ගියේය.
මේ වන විට රටවල් 198ක් පුරා වෛරසය පැතිර ගොස් ඇති අතර වෛරසය ආසාදනය වූ ගණන අට ලක්ෂ හැටදහස (861,305) ඉක්මවා තිබේ. මේ වනවිට වෛරසය වේගයෙන්ම පැතිර යන රට බවට පත් වී ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ මුළු අසාදිතයන්ගේ ගණන එක්ලක්ෂ අසුනමදහස (189,633) ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව හාරදහස (4,056) ඉක්මවා තිබේ. මේ දක්වා කොරෝනා වෛරසයෙන් වැඩිම මරණ වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර එම මරණ සංඛ්‍යාව දොළොස්දහස් හාරසිය විසිඅටකි (12,428). වෛරසයේ වැඩිම බලපෑමට ලක් වූ රටවල් අතුරින් මේ දක්වා  ස්පාඤ්ඤයෙන්  ආසාදිතයන් 95,923ක් හා මරණ 8,464  චීනයෙන් අසාදිතයන් 81,554 හා මරණ 3,312 ක්ද, ජර්මනියෙන් ආසාදිතයන් 71,808ක් හා මරණ 775්ද, ප්‍රංශයෙන් ආසාදිතයන් 52,128 ක් හා මරණ 3,523ක්ද, ඉරානයෙන් ආසාදිතයන් 44,605ක් හා මරණ 2,898 ක්ද, එංගලන්තයෙන් ආසාදිතයන් 25,150 ක් හා මරණ 1,789ක්ද, ස්විස්ටර්ලන්තයෙන් ආසාදිතයන් 16,605 ක් හා මරණ 433ක්ද, තුර්කියෙන් ආසාදිතයන් 13,531 හා මරණ 214ක්ද නෙදර්ලන්තයෙන් ආසාදිතයන් 12,595ක් හා මරණ 1,039ක්ද, බෙල්ජියමෙන් ආසාදිතයන් 12,775 ක් හා මරණ 705ක්ද වාර්තා වී තිබේ.

දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!