Gossip

ලොවම මවිත කළ නිහඬ සටන්කරුවා අවසන් ගමන් යයි – වීඩියෝ

ඉර්ෆාන් හාෆිස් කියන නම හුඟක් අයට පුරුදු ඇති.
පසුගිය කාලය පුරාම ඉර්ෆාන් ජාත්‍යන්තර වශයෙන් පවා ප්‍රසිද්ධියට පත්ව තිබුණේ ශරීරයේ අවයව ක්‍රියාකරවීමට පවා නොහැකිව තිබියදී පරිගණකය ආධාරයෙන් පොත් කිහිපයක්ම රචනා කිරීම නිසා.
පුංචි කාලේ ඉඳන් DMC නම් රෝගයෙන් පීඩා විඳී ඉර්ෆාන් අද (25) ලොවින් සමුගෙන තිබෙනවා.
මියයනවිට ඔහු 37වැනි වියේ පසුවුණා.
වසර 20ක් පමණ ඔහු මෙලෙසින් ඇඳකට වී අප්‍රාණිකව සිටි අතර බොහෝ අවස්ථාවල ඔහුගේ ශරීරය ක්‍රියා කරවීම සිදුවූයේ යන්ත්‍ර මඟිනුයි.
එවන් රෝගී තත්වයක සිටියද ග්‍රන්ථ 3ක් රචනා කරන්නට තරම් ශක්තියක් තිබූ නිසාවෙන් ඔහුට ”නිහඬ සටන්කරුවා” යන නමද පටබැඳී තිබුණා.
මෙම අසනීපය නිසා ඉර්ෆාන් වසර 18ක් පමණ ජීවත් වෙතැයි වෛද්‍යවරුන් නිගමනය කර තිබුණත් ඔහු වයස 37ක් වනතුරු ජීවත්ව සිටීම වෛද්‍යවරුන් පවා මවිතයට පත්කළ සිදුවීමක් වුණා.
මේ ඔහු පිළිබඳව Nas Daily නම් ෆේස්බුක් වීඩියෝ නිර්මාණකරුවෙකු මීට මාස කිහිපයකට පෙර පළකළ වීඩියෝවක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!