Gossip

රංගන ශිල්පී ඉන්දිකගේ අවසන් කටයුතු හදිසියේම කල් යයි

ජනප්‍රිය රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතාගේ අදට යෙදී තිබූ අවසන් කටයුතු හෙට දිනයට කල් දමා තිබෙනවා.

ඒ පවුලේ ඥාතීන්ගේ තීරණයකට අනුවයි.

ඒ් අනුව ඉන්දිකගේ අවසන් කටයුතු හෙට සවස 5ට මහනුවර මහයියාව සුසාන භූමියෙදි සිදුකෙරන බවයි පැවසෙන්නේ.

ඉන්දිකගේ දේහය මේවන විට මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා මාවතේ අංක 54/12 දරන ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

පෙරේදා දහවල් සිටම වසා තිබූ කාමරයේ දොර රාත්‍රියේ කඩා බැලු විට සිය පුත්‍රයා සිහිසුන්ව වැටී සිටි බව ඉන්දික ගිනිගේ මහතාගේ පියා පොලිසියට ප්‍රකාශ කර තිබෙන අතර රෝහල් ගත කරන විටද ඉන්දික මිය ගොස්‌ සිටි බව මහනුවර රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!