Gossip

ලොවක් නැටවූ DJ Avicii අවසන් ගමන් යයි – මරණයට හේතුව අභිරහසක්?

ඉලෙක්ට්‍රොනික් ඩාන්ස් මියුසික් (Electronic dance music) නොහොත් කෙටියෙන් EDM ලෙස හැදින්වෙන බටහිර සංගීත ශෛලිය වර්තමානයේ ශ්‍රී ලංකාවේත් ජනප්‍රියයි.

සමාජ ශාලාවල සහ උත්සව අවස්තා වල නර්ථනය සදහා බහුලව වාදනය වන්නේ මෙම සංගීත ශෛලියයි.

මෑතක සිට මෙම සංගීත ශෛලිය ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුලු මුලු ලොවෙහිව වඩාත් අවධානයක් දිනා ගත් සංගීත ශෛලියක් බවට පත් වෙමින් තිබෙනවා.

EDM සංගීත ශෛලිය පිලිබදව නැවතත් කතාබහක් ඇතිව තිබෙන්නේ මෑත කාලයේ EDM සංගීත ශෛලිය ජනප්‍රිය කරවීමට විශාල දායකත්වයක් සැපයූ සංගීත නිෂ්පාදකයෙකු වන DJ Avicii ගේ මරණයත් සමගයි. මෙම අකල් මරණයෙන් මිය යන විට ඔහු විසි අට හැවිරිදි වියේ පසුවූවා.

ස්වීඩන් ජාතික සංගීත ශිල්පියෙකු වූ ටිම් බර්ග්ලින් ක්ෂේත්‍රයට පැමිනෙන්නේ DJ Avicii නම් වේදීකා නාමයෙනුයි. මරනයට හේතුව තවමත් හෙළිව නොමැති අතර ඔහුගේ වියෝව ලෝක මාධ්‍යයේ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබුනා,

බොහෝ සංගීත නිෂ්පාදකයන් ටිම්ගේ මරනය වෙනුවෙන් ශෝක පණිවිඩ නිකුත් කර තිබු අතර ඒ අතර ලොව ජනප්‍රියම සංගීතඥයන්ද වූවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!