Gossip

ටෙලි නිළිය බිලිගත් තැනින්ම කැළණි ගඟ මොරටු සරසවියේ සිසුවෙකුත් බිලි ගනියි

ගිනිගත්හේන, යටිබේරිය ප්‍රදේශයේදී ඊයේ (20) කැලණි ගඟේ සිදුවූ බෝට්ටු අනතුරකින් දියේ ගිලී තරුණයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කටුවැල්ලේගම මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ සිසුවෙකු බවයි පැවසෙන්නේ.

ඊයේ උදෑසන තවත් පිරිසක් සමඟ කැලණි ගඟේ බෝට්ටු මත ජල ක්‍රීඩා කරමින් සිටියදී සිදුවූ අනතුරකින් මොහු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෘත දේහයේ තලිගම රෝහලේ තැන්පත් කර ඇති අතර දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) සිදුකිරීමට නියමිතයි.‍

මේ අතර ගිනිගත්හේන, යටිබේරිය ප්‍රදේශයේදීම කැලණි ගඟේ දිය නෑමට ගිය රංගන ශිල්පිනී තුෂානි ද සිල්වා පසුගිය 17 වනදා දියේ ගිලීමෙන් මිය ගියා.

31 හැවිරිදි එක්දරු මවක වන තුෂානි ද සිල්වා පදිංචිව සිටියේ, මහනුවර සුදුහුම්පොළ ප්‍රදේශයේයි.

ඇය මෙම අනතුරට මුහුණ දී තිබුණේ පවුලේ සාමාජිකයින් සමග විනෝද චාරිකාවකට සහභාගි වූ අතරතුරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!