Gossip

මහත්තයවත් වළට වැටුණා- ආයතනයේ වෙන කවුරුවත් ඒ වෙලාවේ උදව්වට ආවේ නෑ – හොරණම කම්පා කරපු සිද්ධියෙන් මියගිය අයෙක්ගේ බිරිඳ කිව්ව සංවේදී කතාව

හොරණ බැල්ලපිටිය රබර් කිරි කම්හලේ අනතුරින් මියගිය අක්‌කර 35, බැල්ලපිටිය ලිපිනයේ පදිංචිව සිටි ලාල් පුෂ්පකුමාර (41) මහතා දූදරුවන් හතර දෙනකුගේ පියෙකි. ස්‌ථිර රැකියාවක්‌ නොකළ ලාල් පුෂ්පකුමාර මහතා කුලී රැකියාවන්හි නිරතව සිට ඇත. ලාල් පුෂ්පකුමාර මහතා සහ බිරිඳ චන්ද්‍රිකා දමයන්ති මහත්මිය හොරණ නගරයට ගොස්‌ ආපසු එන අතර අවාසනාවන්තව මේ සිද්ධියේදී මියගොස්‌ ඇත.

චන්ද්‍රිකා දමයන්ති මහත්මිය – මමයි මගේ මහත්තයයි හොරණ ඉඳලා එන විට රබර් වැඩපළේ අය පාරට ඇවිත් කෑගහනවා ඇහුණා. අනේ! එක්‌ කෙනෙක්‌ වතුර ටැංකියට වැටුණා බේරා ගන්න කියයි කෑගැසුවේ. ගේට්‌ටුව ඇරලා තිබුණේ. මහත්තයා එක පාරටම ගේට්‌ටුවෙන් ඇතුළට ගිහිල්ලා වළේ වැටුණ කෙනාව ගන්න පාත් වුණා. නහය කඩාගෙන යන සැර ගඳක්‌ දැනුණා. මහත්තයවත් වළට වැටුණා. අපි කෑගැහුවා ආයතනයේ වෙන කවුරුවත් ඒ වෙලාවේ උදව්වට ආවේ නෑ. ඒ වළේ තියෙන්නේ විෂ රසායනික බව පසුව දැනගන්නට ලැබුණා.

ආයතනයේ අය නොවෙයි පාරේ ගිය අසරණ තරුණයන් කීප දෙනකුගේ ජීවිත නැති වෙලා. ආයතනයේ වාහනවත් දුන්නේ නෑ. ස්‌ටාට්‌ වෙන්නේ නෑ කිව්වලු. පිට වාහන තමයි පිහිටට ආවේ. අනේ ඒත් වැඩක්‌ වුණේ. නෑ. ගේට්‌ටුව ඇරලා තිබුණ නිසා තමයි මහත්තයා ඇතුළට පැන්නේ. අනේ මගේ මහත්තයා නැති වුණා. මගේ දරු පැටව් කොහොමද මං හදාගන්නේ.

amo2ආයතනයේ සේවකයකු වන ආරියපාල (46) උග්ගල්බඩ කළුතර යන අය ප්‍රථමයෙන් මෙම වළට වැටී ඇත. ඔහු බේරා ගැනීමට උදව් කරන්නට පැමිණි ප්‍රියන්ත කුමාර පෙරේරා (41) පින්නකොළහේන වල්පිට, දිලිප් කසුන් ලොකු පතිරගේ (32) බැල්ලපිටිය, හොරණ ආයතනයේ රසායනාගාරයේ වරුණ චන්ද්‍රසේකර (22) (තක්‌ෂිලා ආදි ශිෂ්‍ය) යන අයද අනතුරින් මියගොස්‌ ඇත.

මෙම ආයතනයේ නොසැලකිලිමත් භාවය නිසා, අනාරක්‌ෂිත රසායනික ද්‍රව්‍ය ටැංකි විවෘතව තැබීම නිසා මෙම අනතුර සිදු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. පස්‌දෙනකුට මරු කැඳවමින් 30 කට අධික පිරිසක්‌ රෝහල්ගත කළ මේ සිද්ධිය පිළිබඳ හොරණ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!