පෙම්වතිය සමග ලිංගික හැසීරීම් සිදුකර එම දර්ශණ රහසිගව වීඩියෝගත කර එය යහළුවන් අතර බෙදාහරින බව පවසා පෙම්වතියගෙන් මුදල් ලබාගැනීමට තැත්කිරීමේ සිද්ධියක් ඌරුබොක්ක ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
තවද එම දර්ශන අත්තර්ජාලයට මුදාහරින බවද පවසා ඇයව බියගන්වා රුපියල් 30,000 ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
අදාල පුද්ගලයාව පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබුණා.
එම පෙම්වතා වෙනුවෙන් නීතිඥ්ය වරුන් තිදෙනෙකු පෙනී සිටිමින් සිය සේවා දායකයාට ඇප ලබාදෙන ලෙසට කරුණු ඉදිරිපත් කළද එය ප්‍රතික්ෂේප කළ බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී නවීන ජංගම දුරකථන හතරක්, මෙමරි කාඩ් 3 ක්. එම මෙමරි කාඩ් පත්වල පෙම්වතිය සමග ලිංගිකව හැසිරුණු අසභ්‍ය වීඩියෝ දර්ශණ තිබු බවයි වැඩිදුර සදහන් වන්නේ.
සැකකරු ලබන දෙසැම්බර් 17 දින දක්වා තව දුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියෝග කර ඇති අතර ඌරුබොක්ක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.