Gossip News

මැකෝගේ අස්වීමේ ලිපිය ජනපති ප්‍රතික්ෂේප කරයි..

මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා කරන ලද ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම සළකා බැලූ ජනාධිපතවරයා මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී ඇත්තේ ඉදිරියේදී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබීමත්, මැතිවරණ නීති රීති සංශෝධනය කිරීම ආදී කරුණු හේතුවෙනුත් මහින්ද දේශප්‍රිය මහතාගේ සේවය තවදුරටත් අවශ්‍ය බවයි.

එසේම ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් එවමින් සඳහන් කර ඇත්තේ ඉල්ලා අස්වීම පිළිගත නොහැකි බව ජනාධිපතිවරයා දැනුම්දුන් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!