Gossip News

පැමිණිල්ලක් කිරීමට පැමිණි කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු පොලිස් ස්ථානාධිපතිවරයෙකුට වැඩ වරදී..

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හඳුනාගත් තරුණයකුගේ ගිණුමකට රුපියල් ලක්‍ෂ 20 ක මුදලක් බැර කිරීමෙන් පසු ඔහු තමාව මගහරින සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට පැමිණි කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

බස්නාහිර දකුණ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ විසින් මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ මිරිහාන පොලිස් ස්ථානයේ ඒකකයක ස්ථානාධිපතිවරයෙක්.

මේ සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයා ඇයට නොයෙක් යෝජනා කරමින් නිතර දුරකථන ඇමතුම් ලබාදෙන නිසා ඇය ඒ පිළිබඳව බස්නාහිර දකුණ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ මහතා ‍ දැනුවත් කර තිබෙනවා.

පසුව ඔහු අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සහකාර පොලිස් අධිකාරී ලූඩවයිට් මහතාට බාර දී ඇති අතර ඒ අනුව සිදුකළ විමර්ශනයකින් පසුවයි පොලිස් පරීක්‍ෂකවරයාගේ වැඩ තහනම් කර තිබෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!