Gossip News

කොළඹ නගරයට පෞද්ගලික රථ වාහන ඇතුළුවීම සිමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවදානය..

කොළඹ නගරයට පෞද්ගලික රථ වාහන ඇතුළුවීම සිමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවදානය යොමු වී තිබෙනවා.කොළඹ නගර සීමාවට ඇතුළු වන රථ වාහන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් ඇතිවන මාර්ග තදබදය මේ හේතුවෙන් පාලනය කළ නොහැකි වී ඇති බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර තිබෙන්නේ .කෙසේ වෙතත්, කොළඹට ඇතුළු වන වාහන වර්ගීකරණයකට ලක්කොට ඒ සඳහා ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම සම්බන්ධයෙන් ද එම අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙනවා.එමෙන්ම, රථ වාහන තදබදය අවම කිරීම සඳහා ජනතාවට විධිමත් පොදු ප්‍රවාහන සේවයක් ද ආරම්භ කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ .ඒ සඳහා සුඛෝපභෝගී පොදු ප්‍රවාහන සේවයක් යොදවන බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!