Gossip News

පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩිවෙයි – ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200 තද වැසි

නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වලට අද රාත්‍රියේ සිට දිවයිනට ගිණිකොන දෙසින් පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 200 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් මධ්‍යම පළාත සහ අනුරාධපුර, හම්බන්තොට, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 – 150 අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!